Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රංශය-ජර්මනිය මත ගැටුමක

යුරෝපා සංගමයේ සභාපතීත්වය සම්බන්ධයෙන් යුරෝපා බලවතුන් වන ප්‍රංශය සහ ජර්මනිය අතර මතගැටුමක් නිර්මාණය වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කර ඇත.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බෙල්ජියමේදී හමුවක් පැවැති අතර ඊට යුරෝපා රාජ්‍ය නායකයන් සහභාගි වී ඇත.

පසුගියදා පැවැති යුරෝපානු පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වුණි.

එහිදී මෙතෙක් බලය ඉසිලූ මධ්‍ය මතධාරීන්ගෙන් ගිලිහුණු බලය නව පක්ෂ වන හරිත පක්ෂය සහ ජාතිකවාදී පක්ෂ වෙත පැවරී ඇති අයුරු දැකගත හැකියි.‍

යුරෝපා කොමිසමේ සභාපතීත්වය නම් කිරීම අරඹයා යුරෝපා සංගමයේ ප්‍රධාන රාජ්‍යයන් දෙකක් වන ජර්මනිය සහ ප්‍රංශය අතර මත ගැටුමක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

යුරෝපා සංගමයේ සභාපතීත්වය මධ්‍ය දක්ෂිණාංශික අපේක්ෂක මැනෆ්‍රෙඩ් වෙබ්ර් වෙත හිමිවිය යුතු බවට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කේල් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් සභාපතීත්වය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙබර්ගේ නම සඳහන් නොකිරීමට ප්‍රවේශම් වී තිබුණි.

ඒ මඟින් මේ වනවිට දෙරට අතර උද්ගතවී ඇති මතභේදය පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයන් පවසා සිටියි.

යුරෝපා සංගමයේ අනාගත සැලසුම් සහ සංගමයේ නව නායකත්වය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී පැවැත්වුණු අතර යුරෝපා රාජ්‍ය නායකයන් මේ අවස්ථාවට එක්ව සිටියේය.

යුරෝපා සංගමයේ වත්මන් සභාපති ඩොනල්ඩ් ටස්ක් සහ ලබන මාසයේදී ඉල්ලා අස්වීමේ සූදානමින් පසුවන බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ද ඒ අතරට අයත්ය.

බ්‍රිතාන්‍ය අගමැතිනිය සහභාගී වූවද බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී කිසිවක් සාකච්ඡා නොවූ බව සභාපති ටස්ක් පැවසුවේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();