Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘පොහොට්ටුව සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට සූදානම් වෙනවා’ – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා කඩිනමින් අවසන් කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමට රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරුණු බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් කඩිනමින් සන්ධානයක් ගොඩනගා එහි ඡන්ද ලකුණ හා ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කිරීමත් කළ යුතු බව මහලේකම්වරයා කීවේය.

ඒ අනුව මෙම සාකච්ඡා සති දෙක තුනකින් අවසන් කර ඉදිරි පියවර ගැනීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව මගින් බලය දී තිබෙන බව කී දයාසිරි ජයසේකර මහතා පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීම සඳහාත් මෙම සාකච්ඡා වේගවත් කළ යුත බව සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතුය යන්න ශ්‍රී.ල.නි.පයේ ස්ථාවරය වුවත් තවම ස්ථිර තීරණයක් ගෙන නැතැයි කී මහලේකම්වරයා කඩිනමින් අපේක්‍ෂකයකු නම් කරගෙන මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි ද ප‍්‍රකාශ කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();