Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකළ සැකකාරිය දැලේ

කැනඩාවේ රැකියා ලබාදෙන බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ කාන්තාවක ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒකල, දෙවන අදියර, ග්‍රේලයින් පාර්ක් හා පදිංචි බාලසිං මිනෝන් සුදර්ශි නම් කාන්තාවකි. බොරැල්ල ප්‍රදේශයේ වර්ක් ඉන්ටර්නැෂනල් නමින් කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව නීතිවිරෝධි විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම මෙහෙයවා තිබේ.

විමර්ශන නිළධාරීන් විසින් උපාය දූතයින් යොදවා මෙම ආයතනය පිළිබදව තොරතුරු පරික්ෂාකර ඇති අතර, ඒ අනුව මෙම ආයතනය වැටලීම් කිරිම සිදුකර තිබේ. එම නීතිවිරෝධි විදේශ රැකියා ආයතනය පරික්ෂා කිරීමේදී එහි තිබී කැනඩා රැකියා සදහා යැවීමට අවශ්‍ය වන ගිවිසුම් රැසක්ද, රැකියා ඉල්ලුම්පත් ඇතුළු පුද්ගලයින් විදේශ රැකියා සදහා යැවීමේදී අවශ්‍ය වන ලේඛන රැසක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. එම අවස්ථාවේදී කැනඩා රැකියා ලබාගැනීම සදහා එම ආයතනයට පැමිණි යුවලක්ද සිට ඇති අතර, ඔවුන්ගෙන්ද විමර්ශන නිළධාරීන් ප්‍රකාශ ලබාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් නියාස් නම් පුද්ගලයෙකු යටතේ සේවය කරන බව ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන මෙහෙයවනු ලබයි.

සැකකාරිය 2019.05.24 දින බොරැල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019 ජූනි මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම වැටලීම සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතිඥ කීර්ති මුතුකුමාරණ හා කළමනාකරු (විශේෂ විමර්ශන) ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, පොලිස් පරික්ෂක අනුරුද්ධ, උප පොලිස් පරික්ෂක ආනන්ද කුලතුංග යන නිළධාරීන් එක්වූහ.

The post කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකළ සැකකාරිය දැලේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();