Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මට ක්ෂණික නළුවෙක් වෙන්න ඕනෑ නැහැ

සංජය දයාරත්න
මැයි 30, 2019

සංජය දයාරත්නගේ රුව ක්‍රමයෙන් ඔබට සමීප වෙමින් තිබේ. රංගන ශිල්පියකු ලෙසට ජීවිතය ඉදිරිය දකින්නට බලාපොරොත්තුවෙන් සිටි ඔහුගේ එම සිහිනය මේ වන විට මල්ඵල ගැන් වී ඇත. සංජයගේ ගම බලංගොඩය. බලංගොඩ විද්‍යාලෝක විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම කොළඹ එන්නේ රංගනයට මංපෙත් සොයාය.

අම්මගෙන් සල්ලි කීයක් හරි ඉල්ලගෙන මං කොළඹ එනවා. ඇවිත් කලාවට එකතු වෙන්න අවස්ථා ඇති තැන්වලට යනවා. එක එක පුද්ගලයින් මුණ ගැහෙනවා. සමහරු බලාපොරොත්තු දෙනවා රඟපාන්න චාන්ස් දෙන්නම් කියලා. අන්තිමේ නැහැ. කොහොම කොහොම හරි මට දෙවැනි සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට වැඩ කරන්න ලැබුණා. එහෙම ඉන්න කොට මට තේරුණා ක්ෂේත්‍රයේ දිගටම රැඳෙනව නම් ඒ ගැන හදාරන්න ඕනෑ කියලා. අත්දැකීම් ලබමින් ඒ දේවල් ඉගෙන ගත්තා. ඉස්කෝලෙත් මං නාට්‍ය හා රංග කලාව හදාරලා තිබුණා. ඒ විෂයෙහි තිබුණු දේවල් ප්‍රායෝගිකව අත්වින්දා.

සංජය මේ වන විට නාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය සපයලා අවසන්. ඔහු ඒ ගැන කිව්වේ මෙහෙමයි.

මායා පටල, අඟුරු සිත්තම්, ලොක්කි, කොන් කළ දෝණි ආදී නාට්‍ය රැසක එකිනෙකට වෙනස් වූ චරිත රඟපෑවා. කොන් කළ දෝණි නාට්‍යයේ රංගනයෙන් පසුව තමයි මං ටිකක් ජනතාව අතරට ගියේ. මං ඒකේ රවිඳු. වැඩි දෙනෙක් මට කතා කළේත් එනමින්. එහෙම වුණාම පොඩි ආඩම්බරයක් හිතට දැනෙනවා. මේ දවස්වල විකාශය වන අමුතු රසිකයා නාට්‍යයේ මං පැතුම්. හාරත හේරා නාට්‍යයේ දීමන්ත.

සංජය මේ වන විට වෘත්තීමය නළුවෙක් වෙලා අවසන්. ඔහු ඒ ගැනත් කීවේ මෙහෙමයි.

රඟපාන්න කියලා ගෙදරින් එනකොට අම්මා අක්කා අයියා කැමැති වුණාට තාත්තා එහෙම නැහැ. තරුණ ජිවිතයක් නාස්ති වේවි කියලා ඔහු හිතන්නට ඇති. අපේ පවුල්වල කවුරුවත් කලාවට සම්බන්ධ නැහැනෙ. නමුත් අද මං ඉන්න තත්ත්වය දැකලා තාත්තටත් සතුටුයි. ගමේ අයගෙන් හොඳ පිළිගැනීමක් තියෙනවා. ගමේ විතරක් නෙවෙයි රටේ හැම පළාතකටම වගේ ගියොත් මාව දන්න එක් කෙනෙක් හරි මට හමු වෙනවා. මට ඒ වගේ පිළිගැනීමක් හැදුණේ නළුවෙක් වුණ නිසානේ. නළුකම විතරක් කරලා ජීවත් වෙන්න අපහසුයි. බැරිකමකුත් නැහැ. සල්ලිවලට වැඩිය මිනිස්සු හම්බ කරන්න පුළුවන් වෘත්තියක් මේක.

සංජය හෙමින් ගමනක යෙදෙන නළුවෙක්. ඒ බව ඔහු මේ කතාව අතරතුරදී සඳනක් කළා.

ඉක්මන් ගමන කෙටියි. හෙමින් ගමන දිගුකාලීනයි. මට ඒ උපදෙස ලැබුණේ ප්‍රවීණයින්ගෙන්. මාත් ඒක විශ්වාස කරනවා. අද වන විට තාක්ෂණයත් එක්ක ක්‍රමෝපායන් තියෙනවා. ඒවායින් ක්ෂණික නළුවෝ බිහි කරනවා. මට එහෙම එන්න වුවමනා වුණේ නැහැ. රියැලිටි තරුත් කොච්චර නම් තියෙනවද, අවුරුදු කුමාරයන් තේරීමේ තරගවලටවත් මං එකතු වෙලා නැහැ. එහෙම නොවී මගේම ස්වඋත්සාහයෙන් තමයි මේ ගමන යන්නේ. ඒ අතරතුරදී නොයෙක් බාධක එනවා. හරිම සාමාන්‍ය දෙයක්. ඒවා ගණන් නොගෙන මං මගේ පාඩුවේ ඉලක්කය කරා යනවා.

සංජය මෙතුවක් කල් රඟපෑවේ උප ප්‍රධාන චරිත. ඉදිරියේ විකාශය වීමට නියමිත නාට්‍යයක ඔහු ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයක් රඟපානවා.

ඒ නාට්‍යයේ නම අත් තටුවක පිහාටුවක්. ප්‍රදීප් ධර්මදාස අයියා තමයි අධ්‍යක්ෂණය කළේ. මං ඒකේ රඟපාන්නේ මම්මලේ කියල චරිතයක්. එය විකාශය වන්නට පටන් ගනිද්දී ප්‍රේක්ෂකයන් මං ගැන වැඩිපුර කතා කරාවි. ඒ වගේම අහසක් අල්ලන්න නෙවෙයි කියන සිනමාපටයෙත් මං රඟපෑවා. ළඟදීම ඒකත් තිරගත වෙන්නට ඉඩ තියෙනවා. මේ අතුරතුරදී ආදර යෝජනාත් එනවා. හීන් සීරුවේ ඒවා මඟහරිනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();