Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝකේ හොඳම වෘත්තීය රංගනයයි

නදීශා දිල්හානි
මැයි 30, 2019

ඔබේ නම නදීශා දිල්හානි?

ඔව්.

මේ වන විට ඔබ වෘත්තීයෙන් රංගන ශිල්පිනියක්?

හරි.

රංගනයට අදහසක් නැති කාලේ ප්‍රවීණ නළුවකුගෙන් ඔබට යෝජනාවක් එනවා?

ඒ කතාවත් හරි.

ඒ යෝජනාව මොකක්ද කියලා කිව්වොත් . . . නෑ . . . ඊට කලින් කියන්න යෝජනාව ගෙනාව ප්‍රවීණ නළුවා?

මහේන්ද්‍ර පෙරේරා.

මහේන්ද්‍ර ඔබට ගෙන එන යෝජනාව?

රඟපාන්න එන්න කියලා තමයි යෝජනා කළේ.

ඔබ එය පිළිගත්තා?

මගේ රූපෙත් එක්ක තමයි ඔහු කියන්න ඇත්තේ. රඟපාන්න අදහසක් තිබුණෙ නැති කාලෙක තමයි ඔහු එහෙම කිව්වේ.

නදීශාගේ පළමු ටෙලි සිතුවම?

පාරා. ඒකෙ මං මලීෂා.

පාරා නාට්‍යයෙන් පසුව?

සිල්ලර සමනල්ලු, කාසි, සඳවිමන වගේ නාට්‍ය කළා.

රංගනයට පෙර ඔබ රැකියාවක නියැළුණා?

මහවැලි අධිකාරියේ වැඩ කළේ. ඒකෙන් අයින් වුණා රඟපෑමට මුල් තැන දෙන්න ඕන නිසා.

රඟපෑම නැමැති වෘත්තීය ගැන මොකද කියන්න තියෙන්නේ?

පිටින් බලන ඇතැම් අය ආ . . . මෙයා නිළියක්නෙ කියලා කියනවා. හරියට අපි වැරැදි වෘත්තියක් කරනවා වගේ. නමුත් මට දැනෙන පරිදි මේක තමයි ලෝකෙ හොඳම වෘත්තීය.

නදීශාගේ ගම ?

හික්කඩුව. පදියතලාවේ තමයි පදිංචිය. වැඩවලදී කොළඹ ඉන්නවා.

ඉගෙන ගත් පාසල?

පදියතලාව ජාතික පාසල.

උපන් දිනය?

අනූ හතරේ අගෝස්තු දෙක.

මේ වන විට පෙම්වතියක්ද?

ඔව්.

පෙම්වතා කලාවට සම්බන්ධද?

එයා ජනප්‍රිය නළුවෙක්.

ජනප්‍රිය නළුවකු පෙම්වතකු කරගත්තම තිබෙන වාසිය?

වෘත්තීය ගැන හොඳටම දන්නවානෙ. ඒ හින්දා ප්‍රශ්න ඇති වෙනවා අඩුයි. මගේ රංගන ජීවිතයට ඔහු ශක්තියක්.

අවාසිය?

දැනට නම් එහෙම එකක් නැහැ.

ඔබේ පෙම්වතා වන ජනප්‍රිය නළුවගේ නම කියන්න පුළුවන්ද?

ඒක රහසක්.

නදීශා ඉදිරියේදී රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිතයක් තිබේද?

මං ආසයි අවිහිංසක චරිතයක් කරන්න. මෙච්චර කල් ලැබුණෙ ඔක්කොම දඟකාර චරිත.

තරුණ නිළියෝ ජනප්‍රියත්වය උදෙසා විවිධ දේවල් කරනවා. විශේෂයෙන්ම උපන් දින පාර්ටි වගේ?

තමන්ගේ මුදලින් එහෙම කිරීම වරදක් හැටියට කියන්නේ නැහැ. නමුත් ඒ තුළ අනවශ්‍ය විදිහට කැපී පෙනෙන දේවල් කරන්න හොඳ නැහැ.

නදීශාට රංගනයේදී වාරණ තියෙනවාද?

ඔව්. වාරණ නැතුව අපේ වගේ රටක රඟපාන්න අමාරුයි.

චිත්‍රපටයකට නිරුවත් හෝ අඩ නිරුවත් චරිතයකට ඔබට කතා කළොත්?

ප්‍රතික්ෂේප කරනවා.

එහෙම ආරාධනා ඇවිත් ඇති?

එක චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මට කතා කළා. ඒකේ සිප වැලඳ ගැනීම් එහෙම තිබුණා. සිප වැලඳ ගැනීම් නිසාම නෙවෙයි ඒක ප්‍රතික්ෂේප කළේ. ඊට එහා ගිය දේවලුත් තිබුණා. ඒ තත්ත්වය මත මට ඒකේ රඟපාන්න බැහැ කියලා හිතුණා.

නදීශාගේ පවුලේ විස්තර?

අම්මයි තාත්තයි අයියයි අක්කයි. තාත්තා චිත්‍ර ශිල්පියෙක්

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න?

ම් ම් ම් . . . අහිංසකයි. ඒත් කටකාරයි කියලත් ලියන්න අයියේ.

 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();