Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරය පිළිබඳ තමා දැනුවත් නොකළ බව ජනපති කියයි

අප්‍රේල් 08 වනදා පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැස්වීමේ දී ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකෙරුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය නිල ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් ප්‍රකාශ කරයි. 
 
ආරක්‍ෂක මණ්ඩලයේ කරුණු නිල නොවන ලෙස මාධ්‍ය තුල පළවූ බැවින් ව්‍යූහය වෙනස් කර ජාතික ආරක්‍ෂක කමිටුව පිහිටුවා සති 02කට වරක් රැසවූ බවද ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.
 
එම සම්පූර්ණ ටිව්ටර් පණිවිඩය පහත දැක්වේ,
 
“ආරක්ෂක මණ්ඩලයේ කරුණු නොනිල ලෙස මාධ්‍ය තුළ පළ වූ බැවින්  ව්‍යුහය වෙනස් කොට ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස් විය.
19/4/8  ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින්ගේ රැස්වීමේ දී ද 21ප්‍රහාරය පිළිබඳව මා වෙත දැනුවත් කිරීමක් සිදු නොවීය.
මා දැනුවත් කළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරමි.“
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();