Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමිට එරෙහි නඩු දෙකක් 25 වනදා යළි කැඳවයි

(සුභාෂණී සේනානායක)
 
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු හත් දෙනෙකුට  එරෙහිව පවරා ඇති නඩු දෙක නීතිපති උපදෙස් සඳහා ලබන 25 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (30)  නියෝග කළේය.
 
ජාතික බලසේනා සංවිධානය පවත්වමින් තිබූ මාධ්‍ය සාකච්ඡාවකට බලපැම් කිරිම,කුරානයට ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් වන නඩුව දෙකක් විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.
 
සිරදඩුවම් විදිමන් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා සිටියද අද දින කොළඹ මහාධිකරණයේ  ලබා දීමට නියමිත නඩු තීන්දුවක් සඳහා එහි ගොස් ඇති බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව උනවහන්සේ වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා දන්වා සිටියේය.
 
මේ සිද්ධියට අදාළව ඇප මත සිටින  විතාරන්දෙණියේ නන්ද, කිරිගල්පොත්තෙ චන්දානන්ද ,වැල්ලම්පිටියේ සූමනධම්ම, ආරියවංශගම සමිද්දි හිමිවරුන් මෙන්ම කේ පී ගුණවර්ධන පානනී වෑවල යන අද අධිකරණයේ පෙනී සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();