Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහල් 8 වාට්ටු සංකීර්ණය ඉදිකිරිම් අවසන් වූ සැනින් සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර

මීගමුව මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 08 කින්  යුත් වාට්ටු සංකීර්ණය ජුලි මාසය අවසන් වන විට ඉදිකිරිම් කටයුතු අවසන් කරන ලෙස සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පසුගියදා දැනුම් දෙන ලදි.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම ප්‍රමාදවීම සහ වත්මන් තත්ත්වය පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා  පැවැත්විනි.

මහල් 08 කින් යුත් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරිම සදහා වැය කරන මුදල රුපියල් මිලියන 692 කි මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු අවසන් වූ පසු කඩිනමින් ජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබාදීම සදහා විවෘත කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටියබස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ මීගමුව මුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

The post මහල් 8 වාට්ටු සංකීර්ණය ඉදිකිරිම් අවසන් වූ සැනින් සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();