Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සතියක් තුළ එවරස්ට් ගිය 10ක් මරුට

සතියක් ඇතුළත එවරස්ට් කන්ද තරණය කරන්නන් දස දෙනෙකු අනතුරුවලින් මරණයට පත් වූ බව නේපාල බලධාරීහු පවසති. එය පසුගිය වසරේ එවරස්ට් තරණය කරද්දී සිදු වූ මරණ සංඛ්‍යාවටත් වඩා වැඩි සංඛ්‍යාවක් බව වාර්තා වේ. 
 
පසුගිය සතිය මුලදී එවරස්ට් කඳුවැටියෙන් මරණ හතරක් ද,  බ්‍රහස්පතින්දා තවත් මරණ හතරක් ද එම සංඛ්‍යාවට එකතු විය.
 
කඳු නගින්නන් පෝලිමක් (traffic jams )එවරස්ට් කඳු වැටිය මුදුන කරා සමීප වෙමින් සිටින අතර එබැවින් එහි මිනිස් තදබදයක් පවතින බවත් වාර්තා වෙයි.
 
එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා නේපාල බලධාරීන්ගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු නමුත්  එවරස්ට් ලෝලීහු  විශාල මුදලක් ගෙවමින් එම බලපත් ලබා ගෙන කන්ද තරණය කිරීමට පෙළඹෙති.
 
නේපාලය මෙම වසන්ත කාලයේ එවරස්ට් තරණය කිරීමේ බලපත් 381 ක් නිකුත් කර ඇත. එම එක් බලපත්‍රයක් සඳහා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 11,000 කි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();