Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නේවි සම්පත් ඇතුළු 07ක් යළි බන්ධනාගාරයට

2008 - 2009 වසරවල දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදාවේ  ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ සහ සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන මස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද 29 නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටින නිතිඥ අචලා සෙනවිරත්නට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මෙන්ම සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();