යුද හමුදා කණ්ඩායම් කීපයක් ඊයේ (27) පස්වරුවේ දුම්මලසුරිය යගම්වෙල ප්රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පුද්ගලයන්ට අමතරව මෙම ප්රදේශයේ දමා ගොස් තිබියදී පැට්රල් බෝම්බ අටක් ,කඩුවක් , ලිපි ලේඛන රැසක් යුධ හමුදාව භවිතා කරන ඇදුම් හා උපකරණ කීපයක් හමුදා භාරයට ගෙන තිබේ.
මිට අමතරව රුපියල් ලක්ෂ පහකට වැඩි මුදලක් සැකකරුවන් දෙදෙනෙකු සතුව තිබී ඇති අතර එම මුදල් ලැබුණු ආකරය පැවසීමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ද සදහන්.
0 Comments