Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කරන්න උත්සාහ කරන්නෙ ගම්මිරිස්, කරුංකා ජාවාරම්කරුවන් පිරිසක් – රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය (Video)

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කරන්න උත්සාහ කරන්නෙ ගම්මිරිස්, කරුංකා ජාවාරම්කරුවන් පිරිසක් විසින් බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා‍‍‍ මහතා පවසයි.

අද(01) පෙරවරුවේ රේගු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අනවශ්‍ය දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් උද්ගතව ඇති ගැටලු වලට ආණ්ඩුව කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් සාමාන්‍ය සේවා කටයුතු වලින්ද ඉවත් වීමට සිදුවන බව රේගු වෘත්තිය සමිති අනතුරු අඟවා සිටීයි.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා ඔවුහු මෙලෙස වර්ජනය ඇරැඹුහ.

මෙම වර්ජනය හේතුවෙන් භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට තිබේ.වර්ජනය අරඹා අදට දින තුනකි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();