Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගින්නෙන් උපන් සීතල

‘ගින්නෙන් උපන් සීතල’’ චිත‍්‍රපටය වඩාත් ආකර්ෂණීය පෙළඹුමක් අප තුළ ඇතිකරනුයේ මෙරට දේශපාලන යටගියාවේ දැවැන්ත චරිතයක් ඊට පාදකවීම නිසාය. මෙම සිනමා කෘතිය අධ්‍යක්‍ෂණය කරන අනුරුද්ධ ජයසිංහගේ පෙර සිනමා කෘති කිහිපය ඔහු කවර ස්වරූපයේ ප‍්‍රකාශකයකු දැයි පෙන්වා ඇත. නමුත් මෙවර මෙම නිර්මාතෘවරයා අතික‍්‍රමණය කොට ඔහු ඇසුරු කරන චරිතය අණසක පතුරුවමින් මතුවෙයි. නිර්මාණකරුවා පාදක කොට ගන්නේ රෝහණ විජේවීරගේ ජීවිතයේ නිශ්චිත කෙටි කාලපරිච්ෙඡ්දයකි. එම කාලය තුළ විජේවීර ජීවත් වූ ආකාරය පිළිබඳව ඇති අල්ප සාක්‍ෂි මෙම කෘතියට මූලාශ‍්‍ර කරගෙන ඇත. සත්‍යයත් ප‍්‍රබන්ධයත් අතර සිනමාකරුවා අරගල කරයි. විජේවීර අසාර්ථක කැරලිකරුවකු ලෙස ඉතිහාසගත වෙද්දී සිනමාකරුවාගේ කැරැල්ල අපගේ විනිශ්චයට හසුවන්නේ කෙසේ ද? රෝහණ විජේවීර චරිතය චිත‍්‍රපට ගත කළ නොහැකි බව අපගේ අනුමානයයි.

බොරැුල්ල කනත්තට ගෙනගොස් මිනී දමන ගිනි උඳුනට දමා අකාලයේ පණපිටින් ‘‘මරා දැමුවද’’ විජේවීර ‘‘මිය යන්නේ නැත.’’ මෙම උභතෝකෝටික මරණයට සහ ජීවත්වීම ටද නිශ්චායක අර්ථයක් නොමැත. එහි ගැටලූව ඇත්තේ එකිනෙකට පටහැනි වූ අර්ථ සමූහයකි. එබැවින් නිර්මාණවේදියකුට (එනම් පරිකල්පනිකයකුට) එම අවිවරණීය සංසිද්ධිය කිසිසේත්ම නිරාකරණය කළ නොහැක.

‘ගින්නෙන් උපන් සීතල’ තුළ ගිනියම් වනුයේ විප්ලවීය කැරලිකරුවකුගේ රහසිගත ජීවිතයේ තෝරාගත් කාලපරිච්ෙඡ්දයකි. එබඳු ප‍්‍රබල විප්ලවවාදියකුගේ මාරාන්තික රහසිගත ජීවිතය හා බැඳුණු දේශපාලන ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ සත්‍යය හා ප‍්‍රබන්ධය යන ද්විත්වයම දැන සිටීම මෙම චිත‍්‍රපටය අවලෝකනය කිරීමේදී අතිශය වැදගත් සුදුසුකමකි. නමුත් පොදු පේ‍්‍රක්‍ෂකයාට එම සත්‍යය හා ප‍්‍රබන්ධය ගැන ප‍්‍රමාණික දැනුමක් නැත. සිනමාකරුවා තම ප‍්‍රකාශනය තුළ එනම් තම පිටපත තුළ එම ඉතිහාස කරුණු, ශීර්ෂ පාඨ, දින වකවානු හා ස්ථාන නාමකරණ මෙන්ම න්‍යායික දේශනා ආයාසයෙන් රඳවන්නේ මෙම නොදැනුවත් පොදු රසිකයා ගැන සානුකම්පිත වෙමිනි. ඉන් සිදුවන්නේ තම පරිකල්පනාව අභිබවා සිද්ධි, චරිත, ස්ථාන, වාර්තාකරණයකට ලඝු වීමකි. අහවල් දින, අහවල් තැන, අහවල් සිදුවීම යන ශීර්ෂ පාඨ රූප වුවමනා වනුයේ පරිකල්පනීය ප‍්‍රතිනිර්මාණයට මෙපිටින් ඇති වාර්තානුසාරී විස්තරකරණයකටය. විජේවීර සහ සිය දේශපාලන ව්‍යාපාරය පිළිබඳවත්, විප්ලවය සහ කැරැුල්ල නමැති වික්‍ෂිප්තය පිළිබඳවත් තුන්වන පාර්ශ්වයක් වාර්තා කොට ඇති මූලාශ‍්‍ර රූපගත කිරීමකට සිනමාකරුවා යොමු වෙයි. අප ඉල්ලා සිටිනුයේ එම තුන් වැනි පාර්ශ්වය අතික‍්‍රමණය කොට පළමු පාර්ශ්වය වෙත සැබවින්ම ප‍්‍රවිශ්ට විය හැකි චින්තනමය මාර්ගයකි. විජේවීරගේ වර්තමාන නව දේශපාලන උරුමක්කරුවෝ සහ සිය පවුලේ සාමාජිකයෝ මෙම ශූර සිනමාකරුවාට ඒ සඳහා අවසර ලබා නොදෙනු ඇත. ප‍්‍රබල දේශපාලන සිනමාකරුවන් විජේවීරට අත නොතැබුයේ වුවද එබැවින් විය නොහැකිද?
විජේවීර නම් වූ අරගලකරුවා සහ කැරලිකරුවා කෙබඳු වූවකු දැයි නිශ්චය කිරීම සඳහා ඔහු තුළ ජීවත් වූ මිනිසා කවරෙක් වී දැයි අවධාරණයට ගත යුතුය. විජේවීර නමැති මිනිසාව තීන්දු කළ එනමින් යුත් ළදරුවාව, දරුවාව, ශිෂ්‍යයාව, යෞවනයාව, පෙම්වතාව, ස්වාමිපුරුෂයාව, පියාව පුරුෂයාව යනාදී වූ භූමිකා අවධාරණයට ගත යුතුය. වර්තමාන මිනිසාව නිර්මාණය කරනුයේ අතීත මිනිසා විසිනි. ළමා වියෙහි ඔහු අත්විඳි අමිහිරි පීඩාකාරී අත්දැකීම් විසින් ඔහුගේ අනාගතය තීන්දු කළේය. විජේවීර නමැති වැඩිහිටියාගේ සමස්ත හේතුව වනුයේ විජේවීර නමැති ළමයා ය. ඒ කෙසේ වීද?

විජේවීරගේ පියා දොන් අන්දිරිස් විජේවීර කොමියුනිස්ට් පාක්‍ෂිකයෙකි. එම පක්‍ෂයේ කි‍්‍රයාකාරීව සිටියදී යූ ඇන් පී මැරයන් විසින් පහර දෙනු ලැබ අංශභාග රෝගියකුව හිඳ මිය ගියේය. විජේවීර සිය පියාට අත්වූ මෙම ඛේදනීය දේශපාලන දඬුවම දකින්නට ඇත.

විජේවීර මුලින්ම කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ වෙයි. ඔහු උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වනුයේ කොමියුනිස්ට් පක්‍ෂයේ ඊලියන් නානායක්කාරගේ අත දීමෙනි. වෛi විiාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබ ඔහු මොස්කව් බලා පිටත්ව යන්නේ 1960 දීය. පැටි‍්‍රස් ලූලූම්බා මහජන මිත‍්‍රත්ව විශ්වවිiාලයේදී ඔහු වෛi විiාවට අමතරව දේශපාලන විiාව හා දේශපාලන ආර්ථික විiාව සමග මාක්ස්වාදී දර්ශනය ද හදාරයි. ඔහු වඩාත් යොමු වන්නේ දේශපාලනය කෙරෙහිය. නමුත් පූර්ණකාලීනව දේශපාලනය තෝරා ගන්නට සිදුවන්නේ කෲර පළිගැනීමක් හේතුවෙන් මිස එම අධ්‍යාපනය මත නොවේ.

කොමියුනිස්ට් ව්‍යාපාරය පිළිබඳ දැඩි විවාදාත්මක යුගයක විජේවීර සෝවියට් දේශයට යෑම සිය දේශපාලන චින්තනය සකී‍්‍රය කරවන්නකි. සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය හා චීන කොමියුනිස්ට් පක්‍ෂය යන පාර්ශ්ව දෙක මත දෙකක හිඳ ගැටුණාහ. සෝවියට් කණ්ඩායම දැරුවේ මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් සංශෝධනය විය යුතු බවයි. ඔව්හු මාක්ස් ලෙනින් මාර්ගයෙන් නික්මී නව මං ගත යුතු බව විශ්වාස කළහ. චීන කණ්ඩායම ඇදහූයේ මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් ආරක්‍ෂා කළ යුතු බවටයි. මෙම මොස්කව් ලැදි හා චීන ලැදි කඳවුරු දෙකෙන් විජේවීර ආකර්ශණය වනුයේ චීන පාර්ශවය දෙසටයි. එනම් මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් එලෙසම ආරක්‍ෂා කරමින් එය නගාසිටුවීමට අරගල කළ යුතුය යන්නයි. විජේවීර අකාලයේ ශී‍්‍ර ලංකාවට පැමිණ යළි විදෙස්ගත වීමට නොහැකිව මෙහි සිරවීම නිසා කළ යුතු වූ දේශපාලනයේ හැඩරුව පිළිබඳ පශ්චාත් පරීක්‍ෂණ සිදු කරන්නකුට විජේවීරගේ එම තෝරා ගැනීම ද නොසළකා සිටිය නොහැක. එනම් ඔහු තෝරා ගන්නේ මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් වෙනස් විය යුතුය යන මතවාදය නොව එය එලෙසම ආරක්‍ෂා කළ යුතුය යන මතවාදයයි.

ඔහු ශී‍්‍ර ලංකාවේ දියත් කළ අරගලය සහ එහි කූටප‍්‍රාප්ත කැරැුලි සාර්ථක අසාර්ථක වීම් කෙරෙහි සෝවියට් දේශයේදී ඔහු ආකර්ශණය වූ කොමියුනිස්ට් ව්‍යාපාරයේ චීන ලැදි කඳවුරෙහි චින්තනය යම් බලපෑමක් නොවී යැයි කිව හැකිද? කෙසේ වෙතත් සෝවියට් දේශයේ සිටියදී තමා නිරත කොමියුනිස්ට් දේශපාලන ව්‍යාපාරයේ සිදුවූ මෙම මතවාදී දෙදරා යාම විජේවීරගේ ජීවිතයට බලපෑමක් විය. වෛi වෘත්තිය අතැර දේශපාලනය වෙත පූර්ණකාලීනව යොමුවන්නට බලපෑවේද මෙම දෙදරා යාමයි. ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඇති වූ එම මතවාදී බෙදීමට මැදි වූ විජේවීර ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය සමග ද ගැටුම් ඇතිකර ගත්තේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();