දහම් අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් දිවයින පුරා අඩු පහසුකම් සහිත බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි හා ඉස්ලාම් දහම් පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීමේ ‘සිසු දහම් සෙවණ’ජාතික වැඩසටහන එළඹෙන 03 වැනිදා ආරම්භ කෙරේ.
ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේ මධ්‍ය හමුව අද (01) දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් හා උපදෙස් මත ආරම්භ වන ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමි, පිළියන්දල සංකල්ප විහාරයේ විහාරාධිපති පූජ්‍ය උක්ගොඩ ධම්මින්ද හිමි, සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති පූජ්යඅඹන්වල ඥානාලෝක හිමි සහ පේස් ඉමාඩ් මවුලවි එම්. ආර්. එම්. ගොවුස්මවුලවිතුමා මෙම මාධ්‍ය හමුවේදීසිය අදහස් පළ කළ අතර අමාත්‍යාංශ ලේකම් බර්නාඩ් වසන්ත සහ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව යන මහත්වරුන්දමෙහිදී අදහස් දැක්වූහ.
‘සිසු දහම් සෙවණ’ වැඩසටහන දිස්ත්‍රික්ක 25 නියෝජනය වන පරිදිරට තුළ පවතින අඩුපහසුකම් සහිත සෑම දහම් පාසලකම ක්‍රියාත්මක කරනු ලබයි. එහි ආරම්භක පියවර ලෙස තෝරාගත් දහම් පාසල් 50 ක ගොඩනැගිලි ඉදිකිරීම එළඹෙන 03 වනදා දිවයින පුරා සිදු කිරීමට නියමිතය.
ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ, ධර්මෝපදේශක පියතුමා හෝ අදාළ ආගමික නියෝජිතවරයෙක්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීවරයෙක් හා දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීවරයෙක්ඇතුළු කමිටුවක් මඟින් දහම් පාසල් තෝරා ගැනීම සිදුකෙරේ.
ඉදිකිරීමට නියමිත දහම් පාසල් ගොඩනැගිල්ලක් අඩි 60x20 ප්‍රමාණයෙන් යුක්ත වන අතර එක් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 30 කි. මෙහි ඉදිකිරීම් කටයුතු මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට නියමිතය. මෙම වැඩසටහන මඟින් ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොව දහම් පාසලට අවශ්‍ය පහසුකම් සැළසීමද සිදුකෙරේ.
අමාත්‍යාංශයට අනුබද්ධිත රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින්මෙම ගොඩනැගිලිඉදිකිරීමේ කටයුතු සිදුකරනු ඇත.
0 Comments