Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිප මීලඟ අපේක්ෂක මෛත්‍රී - දුමින්දගේ යෝජනාව සම්මතයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂක ජනපති මෛත්‍රීපාල සිරිසේන බවට යෝජනාවක් එම පක්ෂයේ ප්‍රතිසංවිධාන රැස්වීමේදී අනුමත වේ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට යෝජනාවක් ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කර තිබේ.
 
 අනුරාධපුරයේ පැවති එම පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීමේදී සිදු කළ යෝජනාව අනුරාධපුර දිස්ත්‍රික් බලමණ්ඩලය නියෝජිතයින් හා දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින් සියලු දෙනා අනුමත කර තිබේ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් එම අවස්ථාවට එක්විය.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();