- ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති
රේගු අධ්යක්ෂ ජනරාල් ලෙස රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එච්.ජී.සමුසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා එකඟත්වය පල කිරීමට ප්‍රතිචාර දක්වමින් තම සංගමය විරෝධතාවයෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) ‘දිනමිණ‘ සිදුකළ විමසුමකට පිළිතුරු දෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය.......රේගු අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්විය යුත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකුයි. එ් තනතුර අපේ ව්‍යවස්ථාවෙන්ම උප ලේඛනගත තනතුරක්. අපි විරෝධතාවය දැක්වූයේ ඒ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරමින් විශ්‍රාමික හමුදා නිලධාරියකු ඒ තනතුරට පත් කිරීම.
ඊට පසු මෙම ගැටලුව විසඳාගන්න ජනාධිපතිගෙන් හා මුදල් ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියා. ඒ අනුව මුදල් ඇමතිවරයා සමග සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් සිදුකිරීමට ඉකුත් (31) අවස්ථාවක් ලැබුණා. ඒ සාකච්ඡාවේදි අපි ප්‍රධාන කරුණු දෙකක් මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටියා. එනම් විශ්‍රාමික නිලධාරියකු මේ තනතුරට පත් කිරීම ආපස්සට ගත යුතුයි කියලා. එසේම සිටිය නිලධාරිය සුදුසු නැත්නම් තාවකාලිකව හෝ මුදල් අමත්‍යාංශයේ නිලධාරියකු වැඩබලන්න පත් කොට පසුව ස්ථීරව සුදුසු නිලධාරියකු පත් කරන්න කියලා. කරුණු දෙකටම මුදල් අමත්‍යාංශයේ ලේකම්වරයා එකඟතාවය පල කළා. ඒ අනුව තමයි අමත්‍යාංශ අතිරේක ලේකම්වරයකු වැඩ බලන්න පත් කළේ.
0 Comments