Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බටපොළ කඩයකින් කොල්ල කෑ ලක්ෂ 6ක ටයර් අැල්පිටියේ ගෙයක

බෙන්තර ඇල්පිටියේ බටපොළ නගරයේ වෙළෙඳ සැළකින් සොරකම් කරන ලද ලක්ෂ හයක් පමණ වටිනා ටයර් වලින් කොටසක් කෑගල්ල අැල්පිටිය නිවසක සඟවා තිබියදී දැදිගම පොලිසිය විසින් සොයා නෙ ඇත.

බටපොල නගරයේ ටයර් වෙළෙඳ සැළක පිටුපස දොර කඩා සොරුන් ඇතුළු වී ටයර් දෙසීයක් පමණ සොරකම කර ඇති බවට වෙළෙඳ සැළ් හිමිකරු බටපොල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම සොරකම පිළිබදව විමර්ශණ සිදුකරන අවස්ථාවේ දැදිගම පොලිසියේ විශේෂ කාර්යංශයේ බුද්ධි තොරතුරු අංශයට ලැබුණු තොරතුරක් මත මෙම සොරකමේ ප්‍රධාන සැකකරු වන අල්පිටියේ කසිප්පු සමරේ නොහොත් ආමි සමරේ නොහොත් තිලක රත්නායක යන අයගේ නිවසේ කාමරයක හොර රහසේ ගබඩා කර තිබූ ටයර් හතලිස් හයක් අත් අඩංගුවට ගෙන ඇත.

එහි තිබූ ටයර් තැරැව්කරුවන් මගින් හොර රහසේ අලෙවි කිරීම සිදු කරගෙන ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. කාර්, ලොරි, බස්, ටැක්ටර්, ත්‍රීවීලර, යතුරු පැදි එම ටයර් අතර වේ. අත් අඩංගුවට ගත් අනිත් සැකකරුන් දෙහිඅත්තකංඩියේ සහ මාතලේ, මහවෙල පදිංචිකරුවන්ය.

මේ අතර වරකාපොල නගරයේ යතුරු පැදි අළුත් වැඩියා කරන ස්ථානයක මෙම ටයර් අලෙවි කරද්දී එම ටයර් සහ වෙළද සැල් හිමියාද අත් අඩංගුවට ගෙන ඇත. මෙම සැක කරුවන් වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම් සිදුකරන ලද්දේ දැදිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජේ. එම්.ඩී. ඉන්ද්‍රජිත් පුෂ්ප කුමාර 64458 රාජපක්ෂ 33987 කපු ආරච්චි 37372 යන මහත්වරු විසිනි. මේ පිළබදව වැඩිදුර පරීක්ෂණ දැදිගම සහ බටපොල පොලිස් ස්ථාන පවත්වයි.

කෑගල්ල දිස්ත්‍රික් සමූහ
දයාරත්න බණ්ඩාර
ඡායාරූප - කෑගල්ල දිස්ත්‍රික්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();