මෙරට සෑම දිස්ත්‍රික්කයකම බඩඉරිඟු අස්වැන්න නෙලන තෙක් බඩඉරිඟු ආනයනයට කිසිසේත් ඉඩ නොතබන බව කෘෂිකර්ම ඇමැති පි.හැරිසන් මහතා කියයි.
බඩඉරිඟු කිලෝවක අවම තොග මිල රු.45ක් බවත්, දළඹු හානිය යැයි කේවල් කොට බඩඉරිඟු අස්වැන්න මිලදි ගනු ලබන ව්‍යාපාපාරික ආයතන වෙතදැඩි නීති ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.
මේ වන විට සේනා දළඹු වගා හානි තක්සේරු දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බවත්, එම වාර්තා දැනට ලැබෙමින් පවතින බවත් අවධාරණය කළ ඇමැතිවරයා පැවැසුවේ ඒ වාර්තා අධ්‍යයනයෙන් පසු තව දෙසතියකින් වන්දිගෙවීමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි.
සේනා දළඹු මර්දන කාර්ය සාධක බලකාය නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්,කීට විද්‍යාඥයන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (01) තමා හමුවූ බවත්,සේනා දළඹු උවදුර මේ වන විට සෑහෙන පමණ පාලනය කර ඇති බවත් ඇමැතිවරයා පවසයි.
මෙම නිළධාරින් එහිදී ඇමැතිවරයා හමුවේ පෙන්වා දී ඇත්තේ සේනා දළඹු ව්‍යසනය හේතුවෙන්පළාත් මට්ටමින් කෘෂි බෝග සඳහා හානීවී ඇති ප්‍රමාණය ඉතා අල්ප බවයි.මේ බව පළාත් කෘෂිකර්ම නිලධාරීන් මෙන්ම ක්ෂේත්‍ර චාරිකාවල නිරත වූ විශ්ව විද්‍යාල සහ සාකච්ඡා කණ්ඩායම් තහවුරු කර ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි..
බඩඉරිඟු අස්වැන්නෙහි ශාක පත්‍ර කඳ සහ බඩඉරිඟු කරලට දළඹුවා විසින් හානි සිදු කළ ද බඩඉරිඟු බීජ අස්වැන්නට ඉන් හානියක් නැතැයි කෘෂිකර්ම ක්ෂේත්රයේ විද්වතුන් පෙන්වා දී ඇතැයිද ඇමැති පී.හැරිසන් මහතා කියයි. ඊයේ (01) කෘෂීකර්ම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය.
0 Comments