ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර තිබෙන ද්වීපාර්ශ්වික සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් දෙදින නිල සංචාරයක් සඳහා සීෂෙල්ස් උප ජනාධිපති වින්සන් මෙරිටන් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
නාවික කටයුතු නිරීක්ෂණය සඳහා සීෂෙල්ස් රාජ්‍ය වෙත ශ්‍රී ලංකාවෙන් යාත්‍රා දෙකක් පරිත්‍යාග කරන අතර, එම යාත්‍රා දෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් සීෂෙල්ස් උප ජනාධිපතිවරයා වෙත බාරදීම මේ සංචාරයේ සිදුවන විශේෂත්වය බව සීෂෙල්ස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.පසුගිය ඔක්තෝබර් මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අතර, එහි දී වෙරළ ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කෙරිණි.
සිය ශ්‍රී ලංකා සංචාරය තුළ දී සීෂෙල්ස් උප ජනාධිපති වින්සන් මෙරිටන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. සීෂෙල්ස් උප ජනාධිපතිවරයා සමඟ එරට අමැතිවරුන් ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකා සංචාරයට එක්වන අතර, පත් කළ ඇමැතිනී මැක්සුෂී මොන්ඩන්, සීෂෙල්ස් වෙරළාරක්ෂක බළකායේ අධ්යක්ෂ ජනරාල් කර්නල් සයිමන් ඩයින්, සීෂෙල්ස් පොලිස් බළකායේ විශේෂ උපදේශක ෂර්ලි වෙන්ගදසාමි සහ ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් මහ කොමසාරිස් කොන්රඩ් මෙඩරික් මහත්ම මහත්මීන් ද ඊට අයත් වන බව සීෂෙල්ස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
0 Comments