Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පුළුල් කර යළි අරඹයි

Author(s): 
ජයසිරි මුණසිංහ

ගම්පෙරළිය වැඩපිළිවෙළ සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය වඩාත් පුළුල් කොට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සවස කොළඹ අරලියගහ මන්දිරයේ දී යළි ආරම්භ කෙරේ.

ගමේ - නගරයේ පවතින පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා එක් ඡන්ද කොට්ඨාසයකට රුපියල් මිලියන 300 බැගින් කොට්ඨාස 160ට රුපියල් මිලියන 48000ක් යොදා රජය ක්‍රියාත්මක කරන ගම්පෙරළිය වැඩපිළිවෙළ පිළිබඳත්, රුපියල් මිලියන 75000කට ආසන්න මුදලක් බැංකු ණය ලෙස ජනතාවට ලබාදෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය යෝජනා ක්‍රම පිළිබඳ අද රාජ්‍ය දේශපාලන හා මූල්‍ය අංශ ප්‍රධානීහු දැනුම්වත් කිරීම සිදු කෙරේ. ගමේ පාර, නගරයේ කානු පද්ධතිය, කුඩා පාලම්, ඇවිදින මංතීරු, ක්‍රීඩා පිටි, වැව් අමුණු, සතිපොළ, ආගමික සිද්ධස්ථානවලට නොමිලේ සූර්ය බල ශක්තිය සහ ආදායම්ලාභීන්ට විදුලිය ලබා ගැනීමට මුදල් පිරිනැමීම ප්‍රධාන ගම්පෙරළිය වැඩපිළිවෙළ පිළිබඳ දේශපාලන රාජ්‍ය හා බැංකු අංශ පිරිස් දැනුම්වත් කිරීම අද සිදු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම තුළින් ප්‍රතිලාභ ලබන සමාජ කණ්ඩායම් වැඩි කර ගැනීමට සිදුකළා වූ වෙනස්කම් හා ඇති කළ නව යෝජනා ක්‍රම පිළිබඳ මෙහි දී සියලු දෙනා දැනුම්වත් කැරේ. ගම්පෙරළිය වැඩසටහන යටතේ එක් ඡන්ද කොට්ඨාසයකට මේ වසරේ දී රුපියල් මිලියන 300ක මුදලක් අංශ 12ක සංවර්ධන වැඩවලට මහා භාණ්ඩාගාරය ලබා දේ. දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු හා දේශපාලන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරන සංවර්ධන යෝජනා සෑම එකක්ම ජනතාවගේ වැඩි කැමැත්ත මත සිදු කරන ඒවා බව ද මංගල සමරවීර මහතා කීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();