Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිසුවාට පහර දුන් ගුරුවරියට වසර 2ක සිර දඬුවම්

පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන නඩුවේ තීන්දුව ඊයේ (1) උදෑසන ප්‍රකාශයට පත් කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අධි චෝදනා ලබා සිටි ගුරුවරියට වසර 2ක සිර දඬුවමක් සමඟ රුපියල් 10,000ක දඩයක් ද නියම කළාය.

එයට අමතරව රුපියල් ලක්ෂයක් (100, 000) වන්දි වශයෙන් පාසල් ශිෂ්‍යයාට ගෙවන ලෙසට නියෝග කරමින් දඩ සහ වන්දි නොගෙවන්නේනම් තවත් මාස 6කින් සිර දඬුවම් දීර්ඝ කරන බවත් කියා සිටියාය.

වර්ෂ 2012 සැප්තැම්බර් මස 4 දින හෝ ඊට ආසන්න දිනයක දී කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ 11 වසරේ ශිෂ්‍යයකු වන ඉමියා මුදියන්සේලාගේ චතුර ශ්‍රී ලාලිත බණ්ඩාර නමැති ශිෂ්‍යයාට අමානුෂික ලෙස පහර දුන්නා යැයි එම විදුහලේ උප ගුරුවරියක් වන රම්‍යා ද සිල්වා නමැති අයට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව කුරුණෑගල මහාධිකරණයට යොමුකොට තිබුණි.

නඩු අංක B 1923 යටතේ ගොනුකර තිබූ මේ නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කළ රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එන්. ඒ. සී. පී. චමින්ද මහතාගේ වාර්තාව අනුව ශිෂ්‍යයාට බරපතළ තුවාල තිබූ බවත් මේ පහරදීමෙන් පසු සිසුවාගේ අධ්‍යාපනය ද බිඳවැටී තිබෙන බවත් මේ අනුව විත්තිකරුට දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අනුව විත්තියේ සහ පැමිණිල්ලේ දේශනාවලට සවන් දෙමින් සිටි විනිසුරුවරිය විත්තිකාරිය වරදකරු කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය. වසර 6කට ආසන්න කාලයක් අධිකරණයේ දිගහැරෙමින් තිබූ මේ නඩුවේ පැමිණිල්ල රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර, විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සංජීව විජේපාල මහතා පෙනී සිටියේය.

ආරියපාල වංශතිලක සහ කුරුණෑගල මධ්‍යම විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();