Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉතාලි සිහිනය පෙන්වා මුදල් ගැරූ සුරබිදෙන මාට්ටු

ව්‍යාජ විවාහ සහතික සකස් කර දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් ඉතාලියට ගෙන යන බවට කියා මුදල් ලබා ගෙන කට්ටි පැන සිටි 35 වන වියේ විවාහක කාන්තාවක් පසුගියදා (31දා) කටුනේරිය ප්‍රදේශයේ ලැගුම් වලක ලැගුම් ගෙන සිටිය දි අත් අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි.

මෙම කාන්තාව දංකොටුව මාවතගම රේස් වත්ත ජනපද ප්‍රදේශයේ පදිංචි 35 වන වියේ පසුවන දෙදරු මවක් වන අතර මේ වන විට ඇය සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව විවිධ ප්‍රදේශයන් හි පදිංචිව මෙම ජාවාරමෙහි නිරතවු බවට තොරතුරු ලද බවත් කියයි. ඇය විසින් පසුගිය කාලයේ දි දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් විවාහ කර ගෙන ඉතාලියට ගෙන ගොස් හරින බවට කියා ඇය හා විවාහ වු බවට ව්‍යාජ විවාහ සහතික ද සකස් කර තරුණයන් රවටා රුපියල් ලක්ෂ පහක සිට දහ හත දක්වා ප්‍රමාණයෙන් මුදල් ලබා ගෙන ඇති අතර මේ වන විට ඇය තරුණයන් අට දෙනෙකු රවටා මුදල් ලබා ගෙන ඇති බවට පැමිණිළි ලද බවත් කියයි.

ඇයට මුදල් දුන් තරුණයන් ඉතාලියාමේ සිහිනයෙහි සිටියත් පසුව ඇය සොයා ගත නොහැකිවු නිසා පොලිසියට පැමිණිලි කළ බවත් මේ අතර ඇය කටුනේරියේ ලැඟුම් හළක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරක් මත් ඇය පෙරේදා (31දා) අත් අඩංගුවට ගත් බවවත් කියයි. සැකකාරිය ඊයේ (1දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

ඒ වන විටත් ඇය සතු ව්‍යාජ උප්පැන්න විවාහ සහතික මෙන්ම ජාතික හැඳුනුම් පත් ද තිබු බවත් කියයි. මෙම කල්ලියට අයත්ව සිටි පිරිමින් සිව් දෙනෙකු හා කාන්තාවක් පසුගිය ඔක්තෝබර් මස 17 වන දින හලාවත නගරයේ නිතිඥ කාර්යාලයක් තුළ සිටිය දි අත් අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් කියයි. මාරාවිල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

මුන්නේශ්වරම සමුහ - ඊ.සී. ප්‍රනාන්දු

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();