Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණයට බලපෑම් නොකරන අගමැතිවරයකු සිටීම ගැන සතුටුයි

විධායක ජනාධිපතිවරයා නිවැරැදි තීන්දු තීරණ ගෙන විනිසුරුවන් අධිකරණවලට පත් කළ යුතුයි. අගමැතිවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ අපි අදාළ නීති සම්මත කරනවා. නමුත් දුරකතනයෙන් අධිකරණයට බලපෑම් නොකරන අගමැතිවරයකු අපිට සිටීම ගැන සතුටු වෙනවා. යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මිය පැවැසුවාය.

ඇමැතිවරිය මේ බව පැවැසුවේ රුපියල් මිලියන 500ක් වැය කරමින් වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ වැලිමඩ දිසා හා මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීමට මුල්ගල් තැබීමෙන් අනතුරුව පැවති උතස්ව සභාව අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේ ද පැවැසුවාය.

ඉතා අඩු පහසුකම් සහිත වැලිමඩ අධිකරණය වෙනුවට නව අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමට 2018 අය-වැයෙන් රුපියල් ලක්ෂ 5000ක් වෙන් වුණා. එම මුදල ආපසු ගියොත් නැවත ලබා ගන්න බැරි වන නිසා මේ දඹවින්න ඉඩම රජයට පවරා ගත්තා. විනිසුරුවන් සියලු වරප්‍රසාද භුක්ති විඳින බවට විශ්වාස කළාට ඔවුන් ද නිල නිවාස නොමැතිව විවිධ ගැටලු දුෂ්කරතා මත කටයුතු කරනවා. අද අධිකරණය ගැන හිතන පතන රජයක් තිබෙනවා. අධිකරණවල නඩු හත්ලක්ෂ තිස්දහසක් ගොඩ ගැහිලා. එනිසා එවන් නඩු කඩිනමින් විසඳීමට කොළඹ අභියාචනාධිකරණය පිටට ගෙන යන්න ඕනේ. නීතිඥයන් ද ගම්බද දුප්පත් අහිංසකයන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීමට යම් දායකත්වක් ලබා දිය යුතුයි. මට දැන ගන්න ලැබුණා, එක අහිංසක මනුෂ්‍යයකු තම නඩුව වෙනුවෙන් සියලුම දේවල් විකුණා අන්තිමට මුදල් නැතිව තම වකුගඩුවත් විකුණා ලබන මුදලින් නඩුව විසඳාගෙන තම දරුවන්ට නිදහසේ සිටීමට වටපිටාවක් හදන්න යනවා කියනවා. පවතින නඩු ප්‍රමාදය වළක්වා ගැනීමට රජය සම්මත කරන සංශෝධන පිළිබඳව පාසල්වල හය හත පන්තිවල සිට ඉහළට ළමයින් දැනුවත් කරන්න අවශ්‍යයි.

මත් කුඩු මුහුදින් ගෙන එන නිසා අහිංසක ධීවරයකුට වත් මුහුදට ගොස් රැකියාව නිදහසේ කර ගන්න බැරි වෙලා. මෙවැනි කුඩු ව්‍යාපාරිකයන්ට උල්පන්දම් දෙන දේශපාලකයන් ද සිටීම ගැන කනගාටු වෙනවා. අද වැලිකඩ බන්ධනාගාරයේ සැරයන්වරයකු හෙරොයින් ග්‍රෑම් 30ක් ඇතුළට රැගෙන යන විට අල්ලාගෙන තිබෙන බව දැන ගත්තා. රැඳවියන් ආරක්ෂා කරන්න ඉන්න අයම මෙවැනි නීති විරෝධී වැඩවලට මුදල් නිසා යොමු වීම ගැන කනගාටු වෙනවා. වේගයෙන් මත්ද්‍රව්‍යවලට යොමු වීම වේගයෙන් සිදු වන අන්දම හිතා ගන්න බෑ. පොලිසිය මත්ද්‍රව්‍යකරුවන් වටලන්නේ නෑ කියා මවුපියන් චෝදනා කරනවා. එනිසා නිවැරැදිව වැටලීම් කර මත් උවදුරට වැට බඳින්න කටයුතු කරන්න කියා පොලිසියෙන් ඉල්ලා සිටිනවා

මෙහි දී කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන ඇමැති රවීන්ද්‍ර සමරවීර, ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.

වැලිමඩ සමුහ
ආර්. රාජමන්ත්‍රී

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();