බස්නාහිර පළාත් රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති නසීම් මොහොමඩ් මහතා නිතරගයෙන් යළි පත්විය. රග්බි ආයතනයේ දී පසුගියදා පැවැති වාර්ෂික මහ සභාවේදී නිලවරණය පැවැති අතර එහිදී පොලිස් ක්‍රීඩා සමාජයේ වෙනුවෙන් තරග කළ නිලධාරීන් තිදෙනකු වැඩි ඡන්ද 23කින් පරාජයට පත්වීම විශේෂත්වයකි.
නියෝජ්‍ය සභාපතිධුරයට තරග කළ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ රොෂාන් ඩීන් මහතා ඡන්ද 27ක් ලබාගනිද්දි පොලිස් ක්‍රීඩා සමාජයේ නිරංජන් අබේවර්ධන මහතාට හිමිවූයේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ ඡන්ද 4 පමණි. එමෙන්ම උපසභාපති ධුරයට තරග කළ ෂම්රාත් ප්‍රනාන්දු සහ නලින් දිසානායක ඡන්ද 27ක් බැගින් ලබා එම තනතුරට පත්වෙද්දී පොලිස් ක්‍රීඩා සමාජයෙන් ඉදිරිපත් වූ නෝමන් සිල්වා මහතාද වැඩි ඡන්ද 23කින් පරාජයට පත්වූ අතර උපලේකම් තනතුරට තරග වැදුණු පොලිස් ක්‍රීඩා සමාජයට ද හිමිවූයේ ඡන්ද 4ක් පමණි.
බස්නාහිර පළාත් රග්බි සංගමයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය: සභාපති - නසීම් මොහොමඩ්, නියෝජ්‍ය සභාපති - රොෂාන් ඩීන්, උපසභාපතිවරු - ෂම්රත් ප්‍රනාන්දු, නලීන් දිසානායක, ලේකම් -වරුණ ද සිල්වා, උපලේකම් - ලුතිනන් කර්නල් සමන්ත සමරසිංහ, භාණ්ඩගාරික - ජූඩ් පිල්ලේ, උපභාණ්ඩාගාරික - මාධව විජේසිරි, හිටපු සභාපතිවරු - විමල් සේනානායක, ෆසාල් මොහොමඩ්, කාන්තා රග්බි නියෝජිත - තිලාංගනී වරකාගොඩ
0 Comments