Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලන්කන් කමිටු වාර්තාව ලබන සතියේ ඇමැතිට

Author(s): 
කමනි අල්විස්

ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ ගැටලු විසඳන ජනාධිපති කමිටුවේ වාර්තාව ඉදිරි සතිය වනවිට දී විෂයට අදාළ ඇමැතිවරයකුට භාර දී ඒ පිළිබඳව ඉදිරි පියවර ගන්නා බව මෙම කමිටු වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව ‍කමිටුවේ ලේකම් ජනාධිපති අති‍රේක අධ්‍යක්ෂ තිසුරි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. එසේ භාරදීමට ප්‍රථමයෙන් මෙම වාර්තාව පිළිබඳ ජනාධිපතිවරයා තවදුරටත් විශේෂ අධ්‍යයනයක් සිදුකරන බව සඳහන් කළ බවත් පැවසූ වන්නිආරච්චි මහත්මිය කාලය දීර්ඝ කිරීම් පිළිබඳ නොවිමසා ජනාධිපතිවරයා ලබා දුන් සති දෙකක කාලය උපයෝගී කරගනිමින් කමිටුව වාර්තාව සකස් කර භාරදීම පිළිබඳ කමිටුවට ජනාධිපතිවරයාගේ විශේෂ ස්තූතිය පළ කළ බවත් ප්‍රකාශ කළාය. මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී තිසුරි වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවාය. ශ්‍රී ලංකන් ගුවන් සේවය ජනාධිපතිතුමා යටතේ පවතින ආයතනයක් බවත් වන්නිආරච්චි මහත්මිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු රැසක් පැවසුවාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();