මේ යටතේ ගොවි ජනතාවට රුපියල් ලක්ෂ 75,000ක ණය
එන්ටප්‍රයිස් ශ්‍රීලංකා සහන පොලී ණය වැඩසටහන යටතේ මෙරට ගොවි ජනතාවට සහන ලබා දෙන දැවැන්ත ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙම ණය සහන වැඩසටහන යටතේ ගොවි ජනතාවට සිය ජීවිකාව කිසිවෙකුට අත නොපා ස්වශක්තියෙන් සිදූ කිරීමට අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය සහන පොලියක් පමණක් අය කරමින් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීම වත්මන් රජයේ ප්රමුඛ අරමුණක් බවත්,කෘෂිකර්මාන්තයේ විවිධ අංශ නියෝජනය කරන ගොවි ජනතාව සදහා මෙම ණය සහන වැඩසටහන යටතේ අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන බවත් සදහන් කළ එම ප්‍රකාශකයා රුපියල් ලක්ෂ 75,000ක ණය මේ යටතේ ගොවි ජනතාවට ලබා ගත හැකි බවත් අනාවරණය කළේය. එපමණක් නොව ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනා මගින් එන්ටප්‍රයිස් ශ්‍රීලංකා සහන පොලී ණය වැඩසටහන තවත් ක්ෂේත්‍ර ගණනාවකට ප්රතිලාභ ලැබිය හැකි පරිදි පුළුල් කිරීමට රජය දැනටමත් කටයුතු කරමින් යන බවද ඔහු සදහන් කළේය.
----------------------------------------------
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව සියයට 5 දක්වා පහළට දැමේ
භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව,පවත්නා මුළු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් සියයට 10 සිට සියයට 5 දක්වා අඩුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණයකර ඇත. 2019 ජනවාරි 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම අඩුකිරීම් සිදුවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රකාශකයකු ‘සිළුමිණ,ට පැවසීය.
from silumina
0 Comments