අල්පෙනිත්තක් සහිත බනිස් ගෙඩියක් අලෙවි කළ ආපනශාලා හිමිකරුවෙකුට එම බනිස් ගෙඩිය මිලටගත් පාරිභෝගික කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ (31) නියෝග කළේය.
ආපනශාලා හිමිකරුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පාරිභෝගික කාන්තාව හට රුපියල් දස දහසක වන්දියක් ගෙවීමට නියෝගකර ඇති අතර එම නියෝගය අවලංගු කරන ලෙසට කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ වන්දිය මෙන් දස ගුණයක වන්දියක් ගෙවීමට ආපනශාලා හිමිකරුට ඊයේ (31) නියම කළේය.
පාරිභෝගික ජනතාව ආහාර මිලදී ගන්නේ නිෂ්පාදන හා විකුණුම් ආයතනය කෙරෙහි සම්පූර්ණ විශ්වාසයකින් බවත් එම විශ්වාසය රැකගෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර නොවන පරිදි ආහාර පිළියෙල කිරීම හිමිකරුවන්ගේ වගකීම බව පෙන්වාදුන් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.
පාරිභෝගික කාන්තාව මරදාන ප්‍රදේශයේ ආපනශාලාවකින් බනින් ගෙඩි දෙකක් මිලට ගෙන ඇති අතර ඉන් එකක් ආහාරයට ගන්නා අවස්ථාවේ බනිස් ගෙඩියේ තිබූ අල්පෙනිත්තක් ඇගේ මුඛයේ උඩතල්ලේ ඇනී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ආපනශාලා හිමිකරු වෙත කළ පැමිණිලි නොසලකා හැර පාරිභෝගික කාන්තාවගෙන් ලද පැමිණිලි මත පරීක්ෂණ පවත්වා ආපනශාලා හිමිකරුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පරවා තිබුණි.
අදාළ වරද සම්බන්ධයෙන් රුපියල් දස දහසක වන්දියක් ගෙවීමට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝගකර ඇති අතර එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට ගොනුකළ අභියාචනය සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා මෙන් දස ගුණයක වන්දියක් පාරිභෝගික කාන්තාව වෙත ගෙවීමට නියම කළේය.
විරාජ් පෙරේරා නමැති ආපනශාලා හිමිකරුහට එසේ වන්දි ගෙවීමට නියම වුණි.
0 Comments