Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිලියන 201ක් වෙන්කළ මත්තල භෝජනාගාරය බිත්ති හතරකට සීමාවෙලා

Author(s): 
රෝෂන් තුෂාර

දිනකට ගුවන් මගීන් දසදහසකට ආහාර සැපයීම සඳහා 2013 වසරේදී මත්තල ගුවන්තොටුපළේ රුපියල් ලක්ෂ 2100ක් (මිලියන 201ක්) වැයකර ඉදිකිරීමට යෝජිත මුළුතැන්ගෙය බිත්ති හතරකට සීමාවී නතර වූ බව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ මූල්‍ය කළමනාකාර එෆ්. සංජීව මහතා ශ්‍රීලංකන් එයාර්ලයින් දූෂණ අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (31) පැවසීය.

මුළුතැන්ගෙය ඉදිකිරීම වෙනුවෙන් කොන්ත්‍රාත්තුව බාරදුන් සමාගමට රාජ්‍ය බැංකුවක් හරහා රුපියල් මිලියන 51ක අත්තිකාරමක් ගෙවූ බවත්, එම කොන්ත්‍රාත් සමාගම හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගෙන තිබූ බවත් හෙතෙම පැවසීය.

2012, 2013 වසරවල මත්තල ගුවන්තොටුපළට සතියකට ගුවන් යානා 14ක් පැමිණියත් දිනකට ගුවන් මගීන් දසදහසකට මුළුතැන්ගෙය නිර්මාණය කළ බව සංජීව මහතා විස්තර කළේය.

ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම සාක්ෂි විමසීම සිදුකළේය.

පැමිණිල්ල වෙනුවෙන් ර‍ජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෆස්ලි රසීක් මහතා සාක්ෂි මෙහෙයවීය.

2012 වසරේ මුළුතැන්ගෙය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසුව තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් සිව්දෙනා අතරින් තාක්ෂණික කමිටුවේ දැනුම්දීමකින් තොරව අඩුම ලන්සුවක් ඉදිරිපත්කර ඇත‍්තේ රාජගිරියේ ‘ගුණතිලක’ නැමැති සමාගම බවට හිටපු සභාපතිවරයා දැනුම් දුන් බවත්, ඒ අනුව එම සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබූ බවත් පැවසීය.

තම දැනුම අනුව ඉදිකිරීම් වෙනුවෙන් අත්තිකාරම් ලෙස සියයට දහයක් පමණ ගෙවන නමුත් මෙම ඉදිකිරීම වෙනුවෙන් සියයට 29ක අත්තිකාරමක් ගෙවා ඇති බවත් පැවසීය.

දසදහසකට කෑම සපයන මුළුතැන්ගෙය ඉදිකිරීමට යෝජිත මෙම සමයේ මත්තල ගුවන්තොටුපළ කුඩා අවන්හලකින් භෝජනාගාර පහසුකම් සපයාගත් බවද පැහැදිලි කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();