මිලියන 530 ක් ආයෝජනය කර මධ්‍යම රජයේ සහාය ඇතිව නිම වූ මෙම නව මාර්ගය අද දින ජනතාව සතුවීම ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ සියලු දෙනාගේ කැපවීම, මහන්සිය, වගකීම මත ඉදි කර ඇති නව බාලදක්ෂ මාවත පෙරේදා (29) දින සවස කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණු අවස්ථාවේ ඒ මහත්මිය මේ බව පැවසුවාය.
මහ නගර සභාවේ ඉල්ලීමක් මත ආයෝජන මණ්ඩලයේ, නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් නව බාලදක්ෂ මාවත වසර 30 කට පසු මහජනතාව සතු වීම කොළඹ නගරයේ ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඇය අවධාරණය කළාය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිනිය මෙසේද කීවාය.
මෙම මාර්ග පද්ධතියේ 90% ක්ම නඩත්තු කිරිම සිදු වන්නේ කොළඹ මහ නගර සභාව මඟින්, නව මං තීරුව ඉදි වීම තුළින් පිටකොටුව සිට කොම්පඤ්ඤ වීදිය තෙක් ඇති වන වාහන තද බදය අවම වෙනවා වගේම ඒ තුළින් ජනතාවට ගමනාගමන කටයුතු පහසු කර ගැනිමට හැකියාවක් ලැබෙනවා. ඉදිරියේ දී අලුතින් ඉදි වීමට නියමිත හෝටල් ව්‍යාපෘති හා වෙළද සංකීරණ තුළින් ඇති විය හැකි අතිරේක වාහන තද බදය සඳහා ද මෙම මං තීරුව විසඳුමක් ලෙස සැලකිය හැකිය. කොළඹ නගරයේ ඇති වන වාහන තද බදය අවම කිරීමට විකල්ප ක්‍රියාමාර්ග නගර සභාව මඟින් යොදා ඇති බවත්, ඉන් එකක් ලෙස අද දවසේ විවෘත වූ බාලදක්ෂ මාවත හදුන්වා දීමට පුළුවන්.
මාර්ග පද්ධතිවල, මළ නල පද්ධති වල ඇති වන ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමටත් මා කටයුතු කරන බවත් කොළඹ නගරය අලංකාර කිරීමට ජනතාවට ජීවත් වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා.
කොළඹ නගරයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් වල ජනතාවට ඇති සනීපාරක්ෂක ගැටලු, පානීය ජල ගැටලු, නිවාස ගැටලු තිබෙන බවත් ඒ ජනතාවගේ ප්‍රශ්න වලට ඉදිරියේදී විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් 21 වන සියවස වන විට කොළඹ නගරය අලුත් මුහුණුවරකින් නව තාක්ෂණයට අනුකූලව නිර්මාණය කරන බවත් සේනානායක මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල් මහතා, නාගරික කොමසාරිස් වී.කේ.අනුර මහතා,ප්‍රධාන ඉංජිනේරු නිහාල් වික්‍රමරත්න මහතා ඇතුළු අනෙකුත් ඉංජිනේරු මහත්ම මහත්මීන්ද , නාගරික මන්ත්‍රිවරුන්, මන්ත්‍රීවරියන් ද මෙම අවස්ථාවටසහභාගීවී සිටියහ.
ඡායාරූපය - රංජිත් අසංක
0 Comments