මෙතෙක් කාලයක් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ප්‍රසිද්ධියට පත් වූ යේ වාහන ක්ෂේත්‍ර යේ ඉදිරියෙන්ම සිටින ආයතනයක් ලෙසයි. නමුත් පසුගියදා ඔවුන් නව ව්‍යාපාරයක් සඳහා සිය අවධානය යොමු කළේය. ඒ හෝටල් ක්ෂේත්රය වෙත යොමු වීමෙනි.
Cinnamon සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් යන පාර්ශ්ව දෙක එක්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආරම්භ කිරීම ඉතා කාලීන පියවරක් වන අතර එය අනාගතයේ ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් පැමිණීම පිළිබඳව තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක්ද වේ. Cinnamon Hotels & Resorts හි නවතම lean luxury කාණ්ඩයේ හෝටලය වන Cinnamon Red තම ව්‍යාප්තිය මහනුවර දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබේ. මෙම ව්‍යාපෘතියේ ආරම්භක උළෙල පහුගියදා මහනුවරදී පැවැති අතර එය වසර 2කින් නිම කිරීමට අපේක්ෂිතය. මේ අනුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 6.5 ක මුදල ආයෝජනයකින් ඉදිවන Cinnamon Red Kandy මහනුවර නගරයේ Leed Gold සහතිකකරණය සහිත එකම හෝටලය බවට පත් වනු ඇත.
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ හෝටල් කාමර 2,400කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන Cinnamon Hotels & Resorts Hotels & Resorts මෙම නව කාණ්ඩයේ හෝටලය හවුල් ව්‍යාපෘතියක් ලෙස මහනුවර නගරයට හඳුන්වා දීම සඳහා මෙරට කීර්තිමත් ආයෝජකයෙකු වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමග අත්වැල් බැඳගෙන සිටී.
එසේම මෙය ඉදිරියේදී අධිවේගී මාර්ගය ඔස්සේ මහනුවර නගරය වෙත ප්‍රවේශ වන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා මුල පිරීමක්ද වේ. මේ සඳහා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් විසින් කරනු ලබන 60%ආයෝජනය සඳහා මහනුවර කටුගස්තොට පාරේ පර්චස් 130ක ඉඩමද ඇතුළත් වේ. එසේම හෝටලයේ කළමනාකරණ සහකරු ලෙස Cinnamon Hotels & Resorts කටයුතු කිරීම සඳහා දෙපාර්ශ්වය දිගු කාලීන ගිවිසුමකට ද එළඹ සිටිති.
from silumina
0 Comments