Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එකම පන්තිවල එකට අකුරු කර රණ බිම දික් විජය කළ විරුවෝ හතර දෙනාම මහින්දේ

2 පෙබරවාරි, 2019

ගාල්ලේ මහි­න්දය දකුණු පළාතේ ඇති ප්‍රධාන පෙළේ බෞද්ධ පාස­ලකි. මහින්දේ නම් හරි අපූරු ඉස්කෝ­ල­යකි. එහි ඉගෙ­නුම ලැබූ ආදි ශිෂ්‍ය­යන් මෙන්ම දැනට ඉගෙ­නුම ලබන ශිෂ්‍යයන් මහි­න්දය ගැන කියන්නේ එසේය. එම පාසලේ ආදි ශිෂ්‍ය­යකු වන ප්‍රවීණ මාධ්‍ය­වේදි සුන්දර නිහ­ත­මා­නි ද මැල් මහතා ‘මහින්දේ තමයි ඉස්කොලේ’ යනු­වෙන් කෘතිය ලිය­න්නට ඇත්තේද එ් නිසා වන්නට ඇත.

මහි­න්ද­යෙන් බිහි වූ උගත්තු, උසස් වෘත්ති­කයෝ, කලා­ක­රුවෝ බොහෝය. එමෙන්ම මහි­න්ද­යෙන් රට වෙනු­වෙන් යුද බිමට ගිය විරු­වෝද, රට වෙනු­වෙන් දිවි පිදු විරු­වෝද බොහෝ වෙති. යුද්ධය දරු­ණු­ව­ටම තිබූ යුගයේ ජීවි­තයේ තරුණ විය යුද­බි­මට කැප කළ විරු­වන් තිදෙ­නෙකු වෙනු­වෙන් උප­හාර පිදිමේ උත්ස­ව­යක් පසු­ගි­යදා එම විද්‍යා­ල­යේදි පැවැ­ත්විණි. එය අභි­මා­න­වත් මොහො­තකි.

එකම පාස­ල­කින් එකම කාලී­සි­මා­වක් තුළදී මේජර් ජන­රා­ල්ව­රුන් තිදෙනෙකු හා රියාද් අද්මි­රා­ල්ව­ර­යකු බිහි­වීම ඉතා කලා­තු­ර­කින් සිදු­ව­න්නකි.

අපේ රටේ පාසල් ඉති­හා­සයේ පාස­ල­කින් මෙවැ­න්නක් වාර්තා වන තෙවැන්න මෙය බව පැවැසේ. මෙහි විශේ­ෂය නම් රණ­වි­රු­වන් සිවු දෙනා එකි පාසලේ ඉගෙ­නුම ලැබු සම­කා­ලී­න­යන් වීමය.

මෙරට ආර­ක්ෂක සේවාවේ එකම කාල­සි­මා­වක් තුළ ජ්‍යෙෂ්ඨ­යන් බවට පත්වු මිහිඳු පුතුන් සිවු දෙනා වන්නේ මේජර් ජන­රාල් මහින්ද මුද­ලිගේ, මේජ්ර් ජන­රාල් ගාමිණි විද්‍යා­නන්ද, මේජර් ජන­රාල් ශාන්ත කුමාර් තිරු­නා­වු­ක­රුසු, හා රියර් අද්මි­රාල් ආනන්ද ගුරුගේ යන මහ­ත්ව­රුය. මොවුන් මහි­න්දයේ කීර්ති­මත් ආදි­සි­සු­හුය. මේජර් ජන­රා­ල් ­ම­හින්ද මුද­ලිගේ හා මේජර් ජන­රාල් ගාමිණි විද්‍යා­නන්ද එකම කාල­ය­කදි ශ්‍රි ලංකා යුද හමු­දා­වට එක් වූහ. මේජර් ජන­රාල් ගාමිණි විද්‍යා­නන්ද හා රියර් අද්මි­රාල් ආනන්ද ගුරුගේ මහි­න්දයේ එකම පන්තියේ ඉගෙ­නුම ලැබු මිතුරෝ දෙදෙ­නෙකි. මේ දෙදෙනා මහි­න්දයේ දෙවැනි වසරේ සිට පාස­ලෙන් ඉවත්ව යන තෙක්ම එකම පන්තියේ අකුරු කළහ. සමි­ප­තම මිතු­රන් වන මේ දෙදෙ­නාම දහය ශ්‍රේණියේ දි ජිව විද්‍යා අංශ­යෙන් උසස් පෙළ සඳහා පෙනී සිටි­යහ.

පාසල් වියේ දී මේජර් ජන­රාල් මහින්ද මුද­ලිගේ මහි­න්දයේ සිසුන් අතර එක් රැය­කින් ජන­ප්‍රි­ය­ත්ව­යට පත්වු මිහිඳු තරු­වකි. ඒ මහින්ද පුරාණ නාට්‍යයේ ඕල්ෙක­ාට්තු­මාගේ චරි­ත­යට පණ­පො­ව­මිනි. එමෙන්ම මේජර් ජන­රාල් ශාන්ත කුමාර් තිරු­නා­වු­ක­රුසු එදා මෙකි නාට්‍යයේ රග­පෑවේ පාසලේ පළමු විදු­හ­ල්ප­ති­ව­රයා වු බොල්ෂ් ඩැනිගේ චරි­ත­යට පණ පොව­මිනි. එදා මේ කොලු ගැටවු දෙදෙනා මහි­න්දයේ ඕල්ෙකාට් ශාලා වේදි­කාව දෙව­නත් කරලූයේ සිය සහෝ­දර සිසුන් ගුරු­ව­රුන් මවු­පි­යන් අම­න්දා­න­යට පත් කර­මිනි.

මහි­න්ද­යෙන් රටට දායද කළ මේ රණ­වි­රු­වන් සිවු­දෙ­නා­ගෙන් එක් රණ­වි­රු­වකු දෙමළ ජාති­ක­යකු හා හින්දු භක්ති­ක­යකු විමද විශේ­ෂ­ත්ව­යකි. ඒ මේජර් ජන­රාල් ශාන්ත කුමාර් තිරු­නා­වු­ක­රු­සුය.

මේජර් ජන­රාල් මහින්ද මුද­ලිගේෙ, මේජ්ර් ජන­රාල් ගාමිණි විද්‍යා­නන්ද, රියර් අද්මි­රාල් ආනන්ද ගුරුගේ එදා එකම කාල­ව­ක­වා­නු­වක දී මහි­න්දයේ ශිෂ්‍ය භට ඒක­කය නියෝ­ජ­නය කළහ. එදා මේජර් ජන­රාල් මහින්ද මුද­ලිගේ විරු­වාගේ සාජ­න්ව­රයා වුයේ අද මහින්ද මුද­ලිගේ සමඟ මේජර් ජන­රාල් ධුර­යට පත්ව සිටින ගාමිණි විද්‍යා­න­න්දය. අනෙක් සාජ­න්ව­රයා වුයේ නාවික හමු­දාවේ වත්මන් රියර් අද්මි­රාල් වන ආනන්ද ගුරු­ගේය. එදා ශිෂ්‍ය භට බළ­කායේ සාජන් මේජ­ර්ව­රයා වුයේ පසු­ගි­යදා එම විරු­වන් වෙනු­වෙන් උප­හාර උත්ස­ව­ය සංවි­ධා­නය කිරී­මට මුල් වු මහින්ද සමා­ජයේ සභා­ප­ති­ව­රයා වන ඩී එම් තිව­කු­මාර් මහ­තාය.

මහි­න්ද­යෙන් වර්ණ­ලා­භය ලැබු මේ රණ­වි­රුවෝ පාස­ලට ගෞර­ව­යක් කීර්ති­යක් ලබා­දුන්හ. පාස­ලට කීර්ති­යක් අත් කර­දුන් මේ රණ­වි­රු­වන් සිවු දෙනා වෙනු­වෙන් උප­හාර උත්ස­ව­යක් සංවි­ධා­නය කළ යුතු බවට යෝජ­නාව ඉදි­රි­පත් කළේ මහින්ද සමා­ජයේ සභා­ප­ති­ව­රයා වන ඩි. එම්. තිව­කු­මාර් මහ­තාය. විදු­හ­ල්පති ගාමිණි ජය­ව­ර්ධ­න­යන් ඒ සඳහා සිය කැමැත්ත ලබා­දුන්නේ දෙව­රක් නොසි­තාය.

උත්ස­වයේ දී එම විරු­වන් පාසල් ජීවි­තයේදී ලැබූ අතීත රස­වත් අත්දැ­කිම් සිහි­පත් ආඩ­ම්බ­ර­යෙනි.

“මා මහි­න්දය ගැන ආඩ­ම්බර වෙනවා. දැනුම සිරිත් විරිත් චාරිත්‍ර හැම දෙයක්ම ලබා­ගත්තේ මහි­න්ද­යෙන්. මා බෞද්ධ­යෙක් නෙවෙයි. නමුත් මහි­න්දය මාව බෞද්ධ­යෙක් කළා. මා පාස­ලේදී බුද්ධා­ගම හොඳින් ඉගෙන ගත්තා. අපට පාස­ලේදි බුද්ධා­ගම ඉගැන්වු ස්වාමින් වහ­න්සේගේ හොදම ගෝලයා වුණේ මම. ආධු­නික කැඩෙට් නිල­ධා­රි­යකු ලෙස ආර­ක්ෂක විද්‍යා­පි­ඨ­යට ඇතු­ළත් වු අව­ස්ථාවේ ජ්‍යෙෂ්ඨ සිසුන් ඇවිත් ‘උඹේ නම මොකක්ද‘ කියලා ඇසුවා. මා නම කියන වාර­යක් ගානේ ඒ අය හිනා­වෙ­නවා. මට අප­හා­ස­යට තමයි හිනා වුණේ. පෝය දිනය දා මේ ආය­ත­නයේ බෝධි පුජා­වක් කළා .මට හිනාවු ජ්‍යෙෂ්ඨයා මාගේ ආස­න්නයේ හිටියේ. මා ශබ්ද­යෙන් ඉතා නිව­ර­දිව ගාථා කිවා. නමුත් මා අසල සිටි ජ්‍යෙෂ්ඨයා පටලා පටලා තමයි ගාථා කීවේ. පස්සේ මේ අය මට විහිළු කළා සිවුරු ඇරලා ආපු අයෙක් කියා. මහි­න්ද­යෙන් මට නොලැ­බුණු දෙයක් නැහැ” මේජර් ජන­රාල් තිර­ුනා­වු­ක­රුසු කිවේය.

“පාසල් කාලය හරිම සුන්ද­රයි. පාසලේ මලල ක්‍රිඩා­වල දී මෙන්ම අනෙ­කුත් බාහිර ක්‍රියා­කා­ර­ක­ම්වල දී අපි එකට වැඩ කළා. මාත් රියර් අද්මි­රාල් ආනන්ද ගුරුගේත් දෙවැනි පන්තියේ ඉඳලා පාස­ලින් ඉවත්ව යන තෙක්ම එකම පන්තියේ අකුරු කළා. මට පොඩි කාලයේ ඉඳලා හමු­දා­වට එක් වීමට ආශා­වක් තිබුණා. ඒ වෙනු­වෙන් මා සිහින මැව්වා. මහි­න්දය නිසා තමයි අපට අද මේ තත්ව­යට එන්නට පුළු­වන් වුණේ.මහි­න්ද­යට මාව ඇතු­ළත් කළ මවු­පි­යන්ට මා සදා ණය ගැතියි”.

මේජර් ජන­රාල් ගාමිණි විද්‍යා­නන්ද, අතීත සුන්දර මත­ක­යන් සිහි­පත් කර­මින් කිවේය.

මේජ්ර් ජෙන­රාල් ගාමිණි විද්‍යා­නන්ද කොටි ත්‍රස්ත­වා­දින්ට එරෙ­හිව සටන් කළ විරු­වෙකි. ඔහු රණ­කාමි, උත්ත­ම­සේවා යන පද­ක්කම්වලින් ලක්මා­තාව සැරසු අති­දක්ෂ රණ­වි­රු­වෙකි.

මේජර් ජන­රාල් මහින්ද මුද­ලිගේ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සාම සාධක හමු­දා­වට ද සිය දාය­ක­ත්වය ලබා දීමට කට­යුතු කළේය. පාකි­ස්තා­නයේ ඉස්ලාමාබාද්හි ජාතික ආර­ක්ෂක විද්‍යා­ලයේ උපා­ධි­ධා­රි­යෙකි. 23 වැන පාබළ සේනං­කයේ සේනා­ධි­පති වශ­යෙන් කට­යුතු කළ මේ රණ­වි­රුවා 24 වැනි සේනාං­කයේ සේනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරයි.

“මා මහි­න්ද­යට ආවේ කළු­තර ඉඳලා උදේ 4.00ට නැඟි­ටලා තමයි පාසල් ආවේ. උදෑ­සන 6.30 වන විට පාස­ලට ආවා. පාසලේ බාහිර වැඩ කළා. ඒ විත­රක් නෙවෙයි ඉගෙ­නී­මත් හරි­යට කළා. එදා අපිත් සමඟ ශ්‍රි ලංකා යුද හමු­දා­වට 60 දෙනෙ­කුගේ කණ්ඩා­ය­මක් එක් වුණා. නමුත් අද ජිවත් වෙලා ඉන්නේ 12 දෙනයි. අපි මැරිලා ඉප­දුණු මිනිස්සු. අපට ජිවත් වෙන්න වාස­නාව තිබුණා. යුද සමයේ දී මුල­ති­ව්ව­ලදි අපි ගොඩක් අස­රණ වෙලා හිටියේ. අපේ විශාල පිරි­ස­කට තුවාල වෙලා අපේ මොරාල් එක වැටිලා තිබුණේ. මුහු­දෙන් තමයි ආවේ. එදා මගේ පන්ති සගයා වු රියර් අද්මි­රාල් ආනන්ද ගුරුගේ එක පාරට ජේට් එක­කින් මතු­වුණා. ‘මහින්ද බය වෙන්න එපා උඹලා ඔක්කොම අරන් යනවා‘ කියලා කිවා. අතීත සිද්ධි සිහි­පත් කර­මින් මේජර් ජන­රාල් මහින්ද මුද­ලිගේ කිවේය.

රියර් අද්මි­රාල් ආනන්ද ගුරුගේ මහි­න්ද­යෙන් බිහිවු රණ­වි­රු­වෙකි. හේ පාසල් කාලයේ දි මහින්ද ශිෂ්‍ය භට බළ­කාය හා බාල­දක්ෂ සමු­හය නියෝ­ජ­නය කළේය. කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නාය­ක­ව­ර­යකු ලෙසද කට­යුතු කළේය. ශාන්ත ජොන් ගිල­න්රථ සේවාවේ ක්‍රියා­කා­රි­ක­යකු වු ආනන්ද ගුරුගේ නාවික හමු­දා­වට එක් වී රියර් අද්මි­රාල් තන­තුර දක්වා ජ්‍යෙෂ්ඨ­ත්ව­යට පත් වීමට හැකි විය. මේ රණ­වි­රුවා ශ්‍රිමත් ජොන් කොත­ලා­වල පිඨයේ උපා­ධි­ධා­ර­යෙකි. බංග­ලි­දේ­ශයේ ඩකා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­පති උපා­ධිය ද ලබා­ග­ත්තේය.

“මගේ පියා එව­කට ගාල්ල කච්චේ­රියේ ප්‍රධාන ලිපි­කරු .මට මල්ලිලා දෙන්නෙක් හිටියා. ඒ කාලේ අපේ තාත්තාට බැංකු ගිණුම් ණය­පත් තිබුණේ නැහැ. තාත්තාගේ මාසික වැටුප අම්මා නිසි අයු­රින් කළ­ම­නා­ක­ර­ණය කළා. ඇත්ත­ටම කළ­ම­නා­ක­ර­ණය ඉගෙන ගත්තේ නි‍ෙව­සින් සමා­ජ­යට අවශ්‍ය මඟ­පෙ­න්විම ලැබුණේ පාස­ලින්. පාස­ලින් තමයි ජිවි­ත­යට යමක් එකතු කළේ.

පාසලේ අපේ සම­කා­ලීන­යන් අතරේ සහෝ­දර බැඳී­මක් තියෙ­නවා. පාසල් කාලය තමයි හොඳම කාලය. අපි හතර දෙනාට මහා පොදු සාධ­ක­යක් තිබුණා. අප ආ ගමන් මඟ දුෂ්ක­රයි. ඒ වගේම සුන්ද­රයි. අද අපි රට වෙනු­වෙන් පාසල වෙනු­වෙන් යමක් කළා කියන හැඟීම අපට තියෙ­නවා.” රියර් අද්මි­රාල් ආනන්ද ගුරුගේ මහතා පැවැ­සු­වේය.

ලලිත් චාමින්ද 



from silumina sithmalyaya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();