ජාතික ආණ්ඩුවකට යෑමට මේ රජයට නොහැකි බව විපක්ෂය තර්ක කළත් ජාතික ආණ්ඩුවක් සඳහා වන යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට ආණ්ඩුව සුදානම් වෙනවා නේද ?
පැහැදිලිවම ව්‍යවස්ථාවේ කියලා තියෙනවා ජාතික ආණ්ඩුවක් සඳහා ප්‍රධාන පක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් එකතු විය යුතු බව. ආණ්ඩුවක සිටිය යුතු කැබිනට් ඇමැතිවරු සංඛ්‍යාව උපරිම තිහයි; මේ තත්ත්වය මත ඒ අයට ජාතික ආණ්ඩුවකට යෑමේ හැකියාවක් නැහැ. මේ රජයේ අපේක්ෂාව තවත් ඇමැති ධුර වැඩි කර ගැනීමෙන් ආණ්ඩුවේ බහුතරය නිශ්චිත කර ගැනීමයි. ඒ අයට එකසිය දහතුනක් නොමැති නිසා අයවැයට පෙර මේ ඇමැතිවරු වැඩි කර ගැනීමේ උපක්‍රමයක් තමයි මේ කරන්නට හදන්නේ. එහෙත් මේ යෝජනාව හකුළා ගැනීමට ඒ අයට සිදුවෙනවා. මෙය ජනතාව මුළා කරන්නට කරන යෝජනාවක් ලෙසයි අපි දකින්නේ..
විපක්ෂය අපේක්ෂා කරන්නේ අය වැය පරාජය කර පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයට යන්නද ?
කෙසේ වෙතත් ඒ අයට මේ වන විට එකසිය දහතුනක පාර්ලිමේන්තු බහුතරයක් නැහැ. ඒ වගේම ශ්‍රිලනිප ජාතික ආණ්ඩුවක් සඳහා සන්ධානගත නොවන බව ජනාධිපතිවරයා පැහැදිලි ව ම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ජවිපෙ සහ ටීඑන්ඒ එකතු වෙන්නේ නැති බව පැහැදිලිවම කියලා තියෙනවා. ඒ අය කවුරුත් එන්නේ නැහැ. එසේ නොමැතිව මේ ජාතික ආණ්ඩුවක් සෑදීමේ කිසිදු සාධකයක් ඒ අය සතුව නැහැ. ඒ නිසා මේ යෝජනාව ජනතාව මුලා කරන දෙයක් ලෙසයි අපි හඳුන්වන්නේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මෑතකදි කරන ලද ප්‍රකාශ වලට අනුව කිසිවිටකත් ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවකට සහය ලබා දෙන්න එකතු වෙන්නේ නැහැ. ඒ වගේ එකතු වන අයට මහ මැතිවරණයේදි පරාජයට පත් වෙන්නට සිදුවෙන බව ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇති මතභේද සහ පරස්පරතා ඉතා පැහැදිලියි. මේ විදිහට විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති අර්බූද නිසා රටක් විදිහට ඉදිරියට යෑම අපහසුයි නේද?
විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති මේ අරගලය අද වන විට ලොකු ගැටුමක් බවට පත් වෙලා තියෙනවා. විධායක ජනාධිපතිවරයා ජනාධිපති බලතල පාවිච්චි කරන අවස්ථාවලදි ව්‍යවස්ථාදායකය එයට එරෙහි වෙනවා. රටක බහුතරයකගේ කැමැත්තෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා විසින් රටේ ජාතික ආරක්ෂාව වගේම රට බෙදන්නේ නැතිව ඒකිය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යෑම, රටේ ආර්ථික සම්පත් ආරක්ෂා කිරීම, සම්පත් විකිණීමට එරෙහි වීම ජනාධිපතිවරයාගේ විධායක බලතලයි. ඒවාට අභියෝග කරන්නට කාටවත් බැහැ. රටේ වගකිම පැවැරී තියෙන්නේ ජනාධිපතිවරයාටයි. ජනාධිපතිවරයා සිය බලතල පාවිච්චි කරමින් ජාතික කර්තව්‍ය ඉටු කරන්නට යෑමේදි ගැටලු මතු වෙන්න පටන් ගන්නවා. එයට හේතුව වෙලා තියෙන්නේ පවතින ආණ්ඩුවෙ ප්‍රතිපත්ති සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති වල පවතින පරස්පරතාවයි. මේ ගැටලුව ස්වභාවිකයි. මේ තත්ත්වය දිගින් දිගට ම පැවැතීම රටක් හැටියට ඒ රටේ ජනතාවට අහිතකරයි. පවතින ආණ්ඩුවයි, ජනාධිපතිවරයායි එක්පැත්තක සිටිය යුතුයි කියලා හිටපු ජනාධිපතිවරයකු වන ජේ. ආර්. ජයවර්ධන මහතා කියලා තියෙනවා අපි දැක්කා. මීට කලිනුත් ඒ වගේ විධායකය එක් පැත්තක සහ ව්‍යවස්ථාදායකය වෙනත් පැත්තක සිටින අවස්ථාවලදී ඇතිවුණ ගැටුම් අපි දැක්කා. මේ වන විට විධායකය හා ව්‍යවස්ථාදායකය පැති දෙකකට ගමන් කිරීම ගැටලුකාරී තත්ත්ව මතු වීමට ප්‍රධාන හේතු සාධකයක් වෙනවා. ජනාධිපති අපේක්ෂකත්වය තෝරා ගැනීමට වඩා අපි ප්රමුඛ ව කළ යුතු දේ එජාප ආණ්ඩුව ඉවත් කරලා අපේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. ඒ සඳහා මේ පක්ෂ දෙක ම කැපවීමෙන් කටයුතු කළ යුතුයි; නිලතල දිහා බලන්නේ නැතිව. අද මේ රටේ ශක්තිමත් ම පක්ෂය ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ බවට පත්වෙලා ඉවරයි.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රශ්න කරන සෑම විට ම එය තීරණය කරන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ප්‍රකාශ කරනවා. ශ්‍රිලනිප සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමට බලාපොරොත්තු වෙනවා නම්, ඒ තීන්දු ගැනීමට සිදු විය යුතු වන්නේ පොදු මතයක් අනුව නේද?
පසුගිය පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයත් සමඟ මේ රටේ තියන ප්‍රබලම පක්ෂය තමයි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ. රටේ ජනප්‍රිය නායකයා හැටියට ප්‍රධාන පක්ෂයේ නායකයා හැටියට එතුමාටයි ජනතාව ඒ බලය පවරලා තියෙන්නේ. ඒ අනුව එතුමා ගන්න තීරණයට අපි එකඟ වෙනවා. ඒ තීන්දුවත් සමඟයි අපි ඉදිරියට යන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් යෝජනා කරලා තියෙනවා; ඉදිරි පළාත් සභා මැතිවරණය මැයි මාසයේ 31ට පෙර පැරණි සමානුපාතික ජන්ද ක්‍රමයට එකවර මුළු රටේ ම පවත්වන්න කියලා. ඒ සඳහා විපක්ෂය ඉදිරිපත් වෙන්නේ සන්ධානයක් හැටියටද ?
එය ජනාධිපතිවරයා කරන ලද හොඳ ම යෝජනාවක්. සමහර පළාත් සභා විසුරුවා හැරලා දැනට අවුරුදු එකහාමාරක් විතර වෙනවා. තවමත් ඡන්දය පවත්වා නැහැ. මේ පළාත් සභා නවයම මේ ආකාරය ඉදිරියේදී අකර්මණ්‍ය වන තත්ත්වයක් ඇති වෙනවා. දේශපාලන වාසි මත මේ ඡන්දය නොපවත්වා සිටීම ඇත්තට ම මේ රටේ ප්රජාතන්ත්රවාදයට කරන විශාල හානියක්. සර්ව ජන්ද බලය සම්බන්ධයෙන් ජනතාවට තියන අයිතිය පැහැර ගැනීමක් මේ අය මේ කරන්නේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකළහොත් විපක්ෂය එ් සඳහා නීතිමය පියවර ගන්නා බව ඇතැම් මන්ත්‍රිවරුන් සඳහන් කරනවා.?
අපි බලාපොරොත්තු වෙනවා, නීතියට යෑමට පෙර මේ පළාත් සභා මැතිවරණය පවත්වන්නට කටයුතු කරයි කියලා. ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රිකාව පිළිබඳ ව ගරු කරලා. යහපත් අරමුණකින් ඉදිරිපත් කරන මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරලා ඒ අනුව ජන්දයකට යෑමයි අපි අපේක්ෂා කරන්නේ.
ඉදිරි මැතිවරණවලදි සුළු ජාතීන් සහ තරුණ ප්‍රජාවගේ ඡන්දය තීරණාත්මකයි නේද?
සුළු ජාතීන් ආර්ථික වශයෙන් පිඩාවට පත් වෙලා තියෙනවා. රටේ ම ආර්ථිකය කඩා වැටිලා තියෙනවා. සිංහල, දෙමළ මුස්ලිම් සහ බර්ගර් හැමෝම ජාති භේදයකින් තොරව ආර්ථික වශයෙන් කඩා වැටිලා. මේ ආණ්ඩුව පිළිබඳව කලකිරුණු රැකියා විරහිත තරුණ කොටස් විශාල සංඛ්‍යාවක් ඉන්නවා; උගත් තරුණයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ආණ්ඩුවට විරුද්ධව රැකියා දසදහසක් දෙනවා කියලා ආව මේ ආණ්ඩුව තිබුණ රැකියා ටිකත් නැති කළා. පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී අපි දැක්කා මේ රටේ ජනතාවගේ මතය තියෙන්නේ කොතැනද කියලා. එදා තිබුණ තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක තියෙන්නේ. මේ රටේ තරුණ කොටස් මේ ආණ්ඩුව පලවා හරින්න පෙරමුණ අරන් ඉන්නේ. සුළු ජාතීන් වුවත් අද ආණ්ඩු විරෝධි ඡන්ද 30%කට වඩා අප වටා ඒකරාශි වෙලා ඉන්නවා.
from silumina
0 Comments