Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නෙඵම් විල

2 පෙබරවාරි, 2019

අත­ර­මඟ යුව­තිය

වැස්ස පෑව්වේ ය. සවස දෙක­හ­මා­රට පමණ ඇත.

කොබෝ ලීල මල් පොකුරු හීන් පොදේ තිගැ­ස්සෙ­මින් තිබිණ.

මා සිටියේ ගලේ කඩේ හන්දියේ බස් මඟ නිව­හනේ ය.

මට පිටු පා සිටි යුව­තිය දිගු ඇම­තු­මක් නිමා කළා ය. ඇය ලස්සන ය. අසල සිටි තරු­ණ­යන් ගේ ඇස් ඈ වෙත ගොස් තිබුණේ එහෙ­යිනි.

ඇය කෙළින් ම මදෙස බැලුවා ය.

‘ශ්‍රියානි මිස්ගෙ අයිය නේද?” ඒ බැල්ම ළෙන්ගතු ය.

‘ඔව් මෙයා ගංතෙ­ර­ ගෙ­ද­රද?”

‘අනේ නෑ. මං කොළඹ. මිස් අපිට ඉගැ­න්නුව. සර් මිස් එක්ක ටවුමෙ යද්දි මං සර් කවුද කියල මිස්ගෙන් දැන­ගෙන තිය­නව”

‘මතක තියා­ගෙන හිටි­යට ස්තුතියි. මට හරි සතු­ටුයි. සිංහල වගේ­මයි ........ ගියාට”

ඈ දිගු සිනා­වක් පෑවා ය.

‘නෑ අපි සිංහල. ඒක අපේ ගෙද­රට ළඟ කොලේජ් එක. ඒකෙ සිංහල අයත් ඉන්නව. ටීචර් සැපෙන් ද?”

‘ඔව් සනී­පෙන් ඉන්නව. මෙතන ඉඳල කිලෝ­මී­ට­ර­යයි. වීල් පාක්එකේ අය ගේ දන්නව”

‘කමක් නෑ. පස්සෙ වෙලා­වක එනව. සර්ගෙ කවි මා ළඟ තිය­නව”

‘මොකක්ද නම?”

‘නීටා. මොර­වක දෙණි­යාය මට හොඳට හුරුයි. අවු­රුදු ගාණක් ඉඳල තිය­නව”

‘දැන­ග­ත්තට සතු­ටුයි”

රියක් පැමිණ නතර විය.

මගෙන් සමු­ගත් යුව­තිය රියැ­දුරු තරු­ණ­යාට මා හඳුන්වා දුන්නා ය

‘මල්ලි, මේ අපේ ශ්‍රියානි මිස්ගෙ අයිය”

‘ආ එහෙ­මද? නඟින්න. කොළඹ ද යන්නෙ?”

‘ස්තුතියි පුතා. මං පාණ­දු­රේට”

‘ගිහිං ඇර­ලන්නං. නඟින්න”

ගුරු බැතිය මෙබඳු ය. යුව­ති­යට ඉගැන්වූ ගුරු­ව­රිය ගෙද­රය. ඇගේ නමින් නෑයා හර­සර විඳින මහත!

කිරි­ළි­පණේ පිය­දාස මුණ­සිංහ මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසුරෙනි.


රෑ ඇම­තුම

ඈ එදින රෑ ගෙදර වැඩ­පළ නිම කර නින්දට යෑමට සූදා­නම් වන විට ගෙදර දුර­ක­ත­නය නාද විය. සැමියා ඒ වන විටත් අඩ නින්දේ සිටි බැවින් ඇය ගොස් රිසි­ව­රය අතට ගත්තා ය.

‘හලෝ’

කිසිදු ප්‍රති­චා­ර­යක් නැතිව ම ඇම­තුම විසන්ධි විය.

රිසි­ව­රය තැබූ ඇය ආපසු හැරෙන විට ම දුර­ක­ථ­නය යළිත් නාද විය. ඇය නැවත ද රිසි­ව­රය අතට ගෙන ‘හලෝ’ කීවා ය. යළිදු ඇම­තුම විසන්ධි විය.

ඇය රිසි­ව­රය තැබුවා ය.

පසුදා පහන් විය.

‘අර ඊයෙ රෑ කවුද කතා කෙරුවේ’ සැමියා ඇසුවේ ය.

ඇය සිදු වූ දේ කීවා ය.

සැමියා නිහඬ විය. මිනිස් ස්වභා­වයේ හැටි! සැකයේ ගිනි පුපුරු අළු යට සැඟවී ගියේ ය.

සැඟ­වුණු ගිනි පුපුරු විටින් විට ඇවිළී ගෙදර සාමය බිඳී ගියේ ය.

ප්‍රශ්නය පොලි­සි­යට ද ගියේ ය.

පොලි­සිය මඟින් දෙදෙනා මනෝ වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කැරිණ.

මනෝ වෛද්‍ය­ව­රයා දෙදෙ­නාට ම සාව­ධාන ව සවන් දුන්නේ ය.

‘ඔය කියන දවසෙ රෑ ඇම­තුම ආපු අංක­යට ඔය­ගොල්ලො ඇම­තු­මක් අර­ගෙන බැලුවේ නැද්ද?’ මනෝ වෛද්‍ය­ව­රයා ඇසුවේ ය. දෙදෙනා ම නැතැයි කීහ.

වෛද්‍ය­ව­රයා අදාළ අංකය ඉල්ලා ගෙන ඊට ඇම­තු­මක් ගත්තේ ලැබෙන ප්‍රති­චා­රය දෙදෙ­නාට ම ඇසෙ­න්නට සල­ස්ව­මිනි.

‘පහු­ගිය සතියෙ දව­සක රෑ ඔයා දෙසැ­ර­යක්ම එකම දුර­ක­තන අංක­යක් අම­තලා තියෙ­නවා. ඒ මොකද කියලා කියන්ඩ පුළු­වන්ද?’

‘ඔව් මට ඒක මත­කයි. හදි­ස්සියෙ ඇම­තු­මක් ගන්න­කොට අංකය වැරැ­දුණා. ඒකයි සිද්ධ වුණේ’

කාර­ණය කාටත් පැහැ­දිලි විය. සැමියා ගේ බිරිය ගේ මෙන් ම මනෝ වෛද්‍ය­ව­රයා ගේ ද මුහුණු එක­වර සිනා­වෙන් පිරී ගියේ ය.

හැඳල, වත්තල, අ. ද. සුනිල් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


පුතු වරුණ

කලක පටන් අප සිත්හි පැවති සිහි­න­යකි. ඒ වූ කලි අප සර­සවි මිතුරු මිතු­රි­යන් ගේ සුහද හමු­වකි. පසු ගිය දා කටු­නා­යක හෝට­ල­යක දී තිස්අට වස­ර­කට පසු හමු වී අපි අපේ සිහි­නය සැබෑ­කර ගතිමු.

එදා නව යොවු­නන් හැටි­යට සර­ස­වි­යෙන් පිට ව රටේ විසිරී සේවා­ව­නට ගිය අප ඇතැම් දෙනා විශ්‍රාම යන තුරුත් නැවත මුණ ගැසී තිබුණේ නැත. එහෙත් පැසුණු හිසින් ශාලා­වට ඇතුළු වූ ඔවුන් ගේ වත සැරසී තිබුණේ යොවුන් වියේ තිබූ ළෙන්ගතු සිනා­වෙන් ම ය. සර­සවි කැන්ටිමේ බංකුවේ වාඩි වී සොයුරු පෙමින් එක බත්පත බෙදා­ගෙන කෑ අප නැවත හමු­වීම ආන­න්ද­යක් ම විය.

සිනා කතා ආදි­යෙන් පිරුණු තොර­තුරු විචා­රද්දී මේ සුවි­ශේෂ හමු­වට නොපැ­මිණි අය ගැන ද මෙනෙහි විණ. අප කාටත් වැඩි­ම­හලු සොහො­යු­රකු ව සිටි සුනිල් අයියා කලක පටන් අස­නී­ප­යෙන් සිටි හෙයින් ඔහු ගේ පැමි­ණීම සැක සහිත විය.

රැස්වීම ඇර­ඹී­මට මොහො­තක් තිබිය දී අප පුදු­මට පත් කර­ව­මින් සුනිල් අයියා සිය බිරිය හා තරුණ පුතු සමඟ ශාලා­වට ඇතුළු විය. මේ මිතුරු හමුව සිය පියා ගේ මාන­සික සුව­යට බෙහෙ­වින් වැද­ගත් බව වටහා ගත් පුතු සිය මා පියන් කැඳවා ගෙනැ­විත් තිබුණේ රත්න­පුරේ සිට ය. ගුව­න්යානා ඉංජි­නේ­රු­වකු වූ පුතු ගේ කැප­කි­රීම විශිෂ්ට විය.

පුතු ආපසු යන්නට කිසිදු හදි­සි­යක් නොපෙන්වා අපගේ පැරණි රසාං­ග­ව­ලට සවන් දෙමින් පැය ගණ­නක් ම සිටියේ ය. ඔහු සිය පියා මේ හමු­වෙන් විඳින සතුට හද­ව­තින් ම උකහා ගන්නා බව පෙනිණ. පැරණි මිතු­රන් සමඟ සතු­ටින් දොඩන පියා දෙස බලා­සිටි පුතු ගේ මුහු­ණෙහි වූයේ සුප­සන් බවකි.

ඕස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න්හි ශ්‍රියානි මහ­ත්මිය විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.



from silumina sithmalyaya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();