Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බඩඉරිඟු ගෙන්වන විපක්ෂයේ කතා බොරු

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කරන බවට විපක්ෂය කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම පවසයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණක් ගන්නා බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපතිනි බී.ජී.එස් ගුණතිලක මහත්මිය අවධාරණය කරයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත් එමඟින් “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බවත් ඒ මහත්මිය පැවැසුවාය.

ත්‍රිපෝෂ සමාගමට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්‍රික්ටොන් 12,000 ක් සහ සොයා බෝංචි මෙට්‍රික්ටොන් 6000ක අවශ්‍යතාවක් පවතියි.

මෙම අවශ්‍යතාව සපුරාගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන මඟින් වන අතර මේ සඳහා 2018 මැයි 23වැනි දා පුවත්පත් දැන්වීම් පළ කර ජාතික තරගකාරි ලංසු කැඳවීමක් කෙරිණි. ඒ සඳහා ලැබුණු ලංසු දෙක තාක්ෂණික ඇගැයීම් කමිටුවට යොමු කර අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කෙරිණි. තාක්ෂණික ඇගැයීම් කමිටුවේ නිර්දේශය ද සලකා අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ප්‍රසම්පාදනයේ අවම ලංසුකරුවන් වන දේශීය සමාගමට ටෙන්ඩරය පිරිනැමිණි.

දේශීයව බඩඉරිඟු නිෂ්පාදනයේ නිරත සමාගමක් වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීම මඟින් දේශීය බඩඉරිඟු වගාවේ නිරත ගොවීන්ගේ ආර්ථීකය නඟා සිටුවීම මෙම ටෙන්ඩරය පිරිනැමීමේ පදනම ලෙස සලකා ක්‍රියා කර ඇත. මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී එම ලංසුව සමඟ දේශීයව බඩඉරිඟු ලබාගැනීමට දේශීය සැපයුම්කරුවන්ට පමණක් ඉදිරිපත් විය හැකි පරිදි ඒ බව තහවුරු කර ගැනීමට අවශ්‍ය සජීවී බඩඉරිඟු තොග වගාවන් සම්බන්ධ ගොවීන්ගේ නාම ලේඛනය සහ ගොවි සංවිධානවල නාම ලේඛන පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කර ඇත.

බඩඉරිඟු තොග පිටරටින් ආනයනය කිරීම සඳහා මෙම කැබිනට් තීරණයෙන් කිසිදු ඉඩකඩක් ලබා දී නොමැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();