Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරායට නියමු යාත්‍රා 2ක්

ඩොලර් මි. 3.12ක ආයෝජනයක්

කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අන්දමින් සිදු කිරීම සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් අලුතින් මිල දී ගැනීමට ගිවිසුම් අස්සන් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

අමෙරිකන් ඩොලර් මිලියන 3.12ක ආයෝජනයක් මේ සඳහා සිදු කරන බව කී අමාත්‍යවරයා කොළඹ ඩොක්යාඩ් සමාගම මෙම නියමු දියත් යාත්‍රා සැපයීම සිදු කරන බව සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලය අනුමත කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මෙම මිල දී ගැනීම සිදුවන අතර මාස දහයක කාල සීමාවකින් මෙම දියත් යාත්‍රා නිෂ්පාදනය කර කොළඹ වරායට භාර දීම සිදු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා වන විට මෙම නව යාත්‍රා භාවිත කිරීමට කොළඹ වරායට හැකියාව ලැබෙනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

කොළඹ වරාය සතුව දැනට නියමු දියත් යාත්‍රා හතරක් ඇති අතර ඒවා අවසන් වරාය යාවත්කලීන කොට ඇත්තේ 2007 වර්ෂයේය. අලුතින් එක්වන නියමු දියත් යාත්‍රාවන් දෙකත් සමඟ වරායේ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් වන බවත්, ඒ සමඟම නවීන නෞකාවන් වඩාත් ඉක්මනින් හැසිරවීමේ හැකියාව කොළඹ වරායට ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අලුතින් එකතු වන නියමු යාත්‍රාවන් දෙක දැනට පවතින යාත්‍රා හතරටම වඩා වේගවත් බවත්, නවීන අංගයන්ගෙන් සමන්විත බවත් අමාත්‍ය රත්නායක මහතා පැවසීය.

පසුගිය වසර කිහිපයේ කොළඹ වරායට පැමිණෙන නෞකා සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා ඊට සරිලන පරිදි වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ද අනිවාර්ය අවශ්‍යතාවක් බව කීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();