Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් නවයේම ඡන්දය එකවර

Author(s): 
ශිරෝමි අබයසිංහ

පළාත් සභා 9යෙහිම මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් හා විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවක දීය. පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතන ඡන්දය ද එකම දිනක දී පවත්වන බවට එක්සත් ජාතික පෙරමුණ 2015 ජනවාරි 8 රජය පිහිටුවීමේ ප්‍රචාරක ව්‍යපාරයේ දී ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරමින් මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජයට හැකි වූ බව ඇමැති වජිර අබේවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේය.

සබරගමුව, නැඟෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, උතුර යන පළාත් සභාවන් හි නිල කාලය මේ වන විට අවසන්ව ඇති අතර බස්නාහිර හා දකුණු පළාත් සභාවන් හි නිල කාලය අප්‍රේල් මාසයේ දී අවසන්වේ. ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();