මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ලෝකයේ තිබෙන නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකා පොලීසියට කඩිනමින් ලබාදීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර ඇත.
එම නවීන තාක්ෂණික උපකරණ හරහා මත්ද්‍රව්‍ය භාවිතා කළ අයකුගේ කේට සාම්පලයක් ලබා ගෙන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයා භාවිතා කළ මත්ද්‍රව්‍ය වර්ගය හා භාවිතා කළ මත්ද්‍රව්‍ය ප්‍රමාණය පහසුවෙන් හඳුනා ගත හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
මේ වනවිටත් විදේශීය රටවල එම නවීන තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කර භාවිතා කරන බැවින් එම උපකරණ මෙරටට ගෙන්වීමට දැනටමත් ඇනවුම් කර ඇතැයි ද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කීය. මත්ද්‍රව්‍ය පරික්ෂා කරණ නවීන තාක්ෂණික උපකරණ පොලීසිවලට කඩිනමින් ලබාදීමෙන් ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වෙයි. එසේ මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පදවන්නන් කොටුකර ගැනීමෙන් පසු ඔවුන්ගේ වරදේ සවභාවය අනුව රියදුරාට දැඩි දඩ මුදලක් පැනවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට හැකි වේ.
0 Comments