Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇලෙ­ක්සැ­න්ඩර් රජු සිරි­පාදේ ගියේ මහි­න්දා­ග­ම­න­ය­ටත් කලින්

2 පෙබරවාරි, 2019

ලංකාවේ උසම කන්ද නොවූ­වද, ලංකා­වට බට­හිර මුහුදේ යාත්‍රා කරන නාවි­ක­යෙ­කු­ටද, පෙර­දිග මුහුදේ යාත්‍රා කරන නාවි­ක­යෙ­කු­ටද පැහැ­දි­ලිව පෙනෙන්නේ සිරිපා කන්දයි. ඒ නිසා අතී­තයේ සිට ඉන්දි­යන් සාග­රයේ තර­ණය කරන නාවි­කයෝ සිරිපා කඳු­මු­දුන ගැන දැන සිටි­යහ. ඔවුන් එය හඳුන්වා ඇත්තේ “සෙර­න්ඩිබ් කන්ද” හෙවත් ලංකා කන්ද යන අරු­තෙනි.

ක්‍රි.පූ. 29 -17 සමයේ මෙරට රජ කළ වළ­ගම්බා රජු විජ­යා­ග­ම­න­යෙන් පසු සිරිපා වන්දනා කළ පළමු රජු ලෙස ඉති­හාස සාක­ෂ්‍ය­වල සඳ­හන්ය. සිරිපා වන්දනා කළ පළමු විදේ­ශි­කයා වන්නේ මහා ඇලෙ­ක්සැ­න්ඩර් රජුය. ඒ ක්‍රි.පූ 323දීය. මෙරට රාජා­ව­ලිය අනුව එකළ මෙරට රජ කරන්නේ මුට­සීව රජුය. දේවා­නම් පිය­තිස් රජුගේ පියාවූ මුට­සීව රජුගේ සම­යේ දී මහි­න්දා­ග­ම­නය සිදුව තිබුණේ නැත. නමුත් මෙරට අතීත යගු කෞරාණ වංශි­ක­යන්ගේ බෞද්ධ සම්ප්‍ර­දා­ය­යන් ස්ථාපිත ව පැවැති බට විශ්වාස කෙරේ. මහා­චාර්ය නලීන්ද සිල්වා, සූරිය ගුණ­සේ­කර වැනි විද්ව­තුන් ඒ ගැන ලියූ වාර්තා හමුවේ.

ක්‍රි.ව. 20 දී ශ්‍රී මේඝ­වර්ණ නම් කාශ්මීර නර­ප­තියා සිරිපා වැඳ පුදා­ගත් බව කියැ­වෙන්නේ ‘රාජ තරං­ගනී’ නම් සංස්කෘත ග්‍රන්ථ­යේය. පස්වැනි ශත වර්ෂයේ හ්‍යුං ෂියෑංද, අභ­ය­ගි­රියේ වැඩ-විසූ වජිර බෝධි නම් දමිළ ජාතික භික්ෂූන් වහන්සේ ක්‍රි.ව 639දීද සිරිපා දුටු අයුරු ග්‍රන්ථ­වල සට­හන් තබා ඇත. ක්‍රි.ව. 412 යුගයේ පාහි­යන් භික්ෂුව සිරි­පා­දය පිළි­බඳ ලියා ඇතත් කරුණා කළ බව එහි විශේ­ෂ­යෙන් සඳ­හන් නොවේ. ක්‍රි.ව නව වැනි සිය­වසේ ටිෂින් හුවෝ, මුරාරි, ප්‍රහ්ලා­දන, අන­ර්ඝ­රා­ඝව, මහා­නා­මන්, ඉබන් බුර්දාබේ වැනි චීන, ඉන්දි­යානු සහ පර්සි­යානු ජාති­ක­යන් සිරි­ප­තුල සියැ­සින් දැක ඇත.

ඉන් අන­තු­රුව අරාබි ජාති­ක­යන් දෙදෙ­නකු සිරිපා කඳු මුදු­නට පිවිස තිබේ. ඒ සුලෙ­යි­මාන් (ක්‍රි.ව 851) සහ අබු­සෙ­යි­යා­දි­සෙන් (ක්‍රි.ව. 991) ය. මෙයට අම­ත­රව සිරිපා වන්ද­නා­වට ගිය තවත් මුස්ලිම් වර­යකු ගැන ඉබන් බතූ­තාද සඳ­හන් කර තිබේ. මෙරට බට­හිර වෙරළේ වෙළ­ඳාම පිණිස රැඳී සිට ඇති අබු අබ්දි අල්ලා ඉබන් තහීෆ් නම් ෂෙයික් වර­යකු විසින් පුත්ත­ලමේ සිට දකු­ණට හලා­වත දක්වා මාර්ගය තනවා තිබූ බව ඉබන් බතුතා THE REHLA OF IBN BATTUTA නමින් පළ කළ සිය දේශා­ටන විස්ත­රයේ දක්වා තිබේ.

ඉන් අන­තු­රුව සිරිපා වැඳ අත්තේ ඉතාලි ජාතික මාර්කෝ පෝලෝය. ඒ ක්‍රි.ව. 1292 දීය. එකළ රට පැවැත තිබී ඇත්තේ දේශ­පා­ල­නික වශ­යෙන් අරා­ජි­ක­වය. කුල­සේ­කර නම් පාණ්ඩ්‍ය රජුගේ ආර්ය චක්‍ර­වර්ති නම් ඇමැති විශාල හමු­දා­වක් රැගෙන විත් යාප­හුව වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව මහා වංශය නම් ග්‍රන්ථයේ දෙවන කොටසේ සඳ­හන් වේ. මෙසේ ආක්‍ර­ම­ණ­ශීලී ආර්ය චක්‍ර­වර්තී රජු පුත්ත­ලමේ (නමුත් එය මන්නා­රම විය යුතු­යැයි සිතමි.) සිට රට පාල­නය කර ඇති බව සිය සට­හ­න්වල පැහැ­දි­ලිව දක්වා ඇත්තේ 1344 දී මෙර­ටට පැමිණි ඉස්ලාම් ජාතික “ඉබන් බතූතා”ය.

පෙර පැමිණි දේශ ගවේ­ශ­ක­යන් සිය සංචා­රක සට­හන් නිසි පරිදි සට­හන් නොක­ළද, ඉබන් බතූතා උන­න්දු­වෙන් සිය ගමන් වාර්තා සට­හන් කොට තිබේ. මේ නිසාම සිරිපා වන්ද­නාව ආශ්‍රිත සංස්කෘ­තික, දේශ­පා­ල­නික සහ සාමා­ජීය කරුණු ගණ­නා­වක් එම සට­හන් ඔස්සේ නිශ්චය කර­ගත හැකිය.

1325 වන විට විසි එක් හැවි­රිදි නීති ශිෂ්‍ය­ත්ව­ධා­රි­යකු වූ මුහ­ම්මද් ඉබන් බතුතා ටැන්ජි­යර්හි පිහිටි නිවෙ­සින් පිටත් වූයේය. ඒ මක්කම ශුද්ධ නග­ර­ය­ටයි. වයස විස්සේ දී පිටත් වූ ගමන කෙළ­වර වීමට තිස් වස­ර­කට ආසන්න කාල­යක් ගත විය. ඔහු කි. මි. 120, 00කට ආසන්න පෙදෙ­සක පයින්, බූරු­වන් පිටින්, ඔටු­වන් පිටින් මෙන්ම බෝට්ටු­වෙන් ද ගමන් කළේය. පළ­මුව මක්ක­ම­ටද, 1330 දී කොන්ස්ත­න්තී­නු­ප­ල­යට පැමිණි ඔහු 1334 දී ඉන්දි­යා­වට පැමිණ තිබේ. ඉන් දස­ව­ස­ර­කට පසු 1344 දී ඔහු ලංකා­වට පැමි­ණෙන්නේ මාල­දි­ව­යිනේ සංචා­ර­ය­කින් පසු­වයි.

මෙතැන් සිට දැක්වෙන්නේ ඉබන් බතු­තාගේ THE REHLA OF IBN BATTUTA කෘති­යෙහි පිටු අංක 182 සිට 191 දක්වා විහි­දෙන විසි වැනි පරි­ච්ඡේ­දයේ කරු­ණු­වල සංක්ෂිප්ත පරි­ව­ර්ත­න­යයි. ඒ වන විට ලංකාවේ අග­නු­වර කුරු­ණෑ­ග­ලින් ගම්පො­ළට මාරු වෙමින් පැවැ­තිණි. නමුත් ප්‍රාදේ­ශිය පාලන ගණ­නා­වක් ද විය. ඉබන් බතුතා ළඟා වන්නේ ආර්ය චක්‍ර­වර්තී රජ­කම් කළ ලක්දිව ඊසාන දිග වෙරළ තීර­ය­ටය.

"මා ඇතුළු පිරි­වර රුවල් නැව්වලින් මල­බා­රයේ සිට ලංකාව කරා යාත්‍ර ාකර­මින් සිටි­යෙමු. මුහුදු හුළඟේ දිශාව වෙනස්‌ වීම නිසා කිහිප විටක්‌ ම මඟ වර­දි­න්නට ගියද සෙර­න්ඩිබ් නමැති කන්ද එහි පිහිටා ඇති ලංකා­වට ගොඩ බසි­න්නට අපට හැකි විය. මේ රට ලෝකයේ හැමදෙනාම දත් දූප­තකි. ලංකා­වට ළඟා වීමට නව දින­කට පෙර සිට ම ඈතින් සෙර­න්ඩිබ් කන්ද අපට පෙනුණේ වලා­කුළු අත­රිනි. වරා­යක් ආස­න්න­යට ළං වූ අප කොල්ල­ක­න්නට එහි සිටියෝ උත්සහ දැරු­වහ. ඔවුන් අපට තර්ජ­නය කර වරා­යට ඒම තහ­නම් කළහ.”

“මේ අතර තද සුළං තත්ත්ව­යත්, නැවේ දුර්ව­ල­තාත් නිසා වරා­යට නොගි­යොත් ගිලී යෑමේ තර්ජ­න­යට අපේ නැව මුහුණදී තිබිණි. ඒ බැවින් වෙර­ළට ගොඩබැසී­මට ඉඩදෙන ලෙසත්, කාට­වත් කිසිදු අන්ත­රා­වක්‌ නොක­රන බවට සහ­තික වන බවත් මම මාල­දි­ව­යිනේ රජුගේ ඥාති­යකු බවත් ස්‌වදේ­ශි­ක­යන්ට කීවෙමි. අව­සා­නයේ ඔවුහු ඒ සඳහා අපට ඉඩ දුන්හ. අප ගොඩ බට වහාම ඔවුන් ඇසුවේ මා කව­රෙක්‌ද යන්න ය. මම මගේ අර­මුණ පැහැ­දි­ලිව කීවෙමි. ස්‌වදේ­ශි­කයෝ සිය රජුට මේ පණි­වු­ඩය දුන්හ.”

“රජ­තුමා වාසය කළේ ලීවැට­කින් වටකරන ලද කුඩා නග­ර­යක්‌ වූ පුත්ත­ලමේය. එය පැති­රුණු කුරුඳු සහ සඳුන් වගා කළ ප්‍රදේ­ශ­යකි. තමි­ල්නා­ඩුවේ මල­බා­ර­යෙන් සහ මාල­දි­ව­යි­නෙන් පැමිණි වෙළෙන්දෝ කුරුඳු සහ සුවඳ ද්‍රව්‍ය රෙදි­ පි­ළි­ව­ලට හුව­මාරු කළහ. අව­සා­නයේ රජු හමුවූ අපි වටිනා සළු ගණ­නා­වක් ඔහුට තෑගි ලෙස පිරි­නමා සිත දිනා­ගැ­නී­මට සමත් වුණෙමු.”

එලෙස යම් කිසි කාල­යක් රජ මැදුරේ ආග­න්තුක සත්කාර විධි ඉබන් බතුතා රජු සමඟ තව තවත් හිත­වත් වීමෙන් අන­තු­රුව සිරිපා වන්ද­නාවේ යෑමට පහ­සු­කම් සප­යන ලෙස ඉල්ලා ඇත.

“රජු පොරො­න්දුව ඉටු කළේය. ඔහු මට සේව­ක­යන් පහ­ළො­වක්ද, සම­නොළ නඟි­න්නට හැකි සිවු දෙන­කු ද සමඟ දෝලා­වක්‌ද, සපයා දුන්නේය. පරි­වාර සාමා­ජි­ක­යන් ලෙස බ්‍රාහ්ම­ණ­යන් හතර දෙනෙක්‌ගෙන් ද, රජ­තු­මාගේ හිත­ව­තුන් දසදෙනෙ­ක්ගෙන් ද අපේ කණ්ඩා­යම සම­න්විත විය. අපි ගමන පටන් ගනිමු. යාත්‍රාවක නැඟී දව­සක්‌ පුරා මුහුදේ ගමන් කළ අප මන්නා­ර­මට (පුත්ත­ල­මට විය යුතුය.) ළඟා වී ඉන්ප­සුව හලා­වත බලා ගොඩ­බිම් ගමන් ඇරැ­ඹීමු. එම ගමන යෙදී තිබුණේ රළු මාර්ග ඔස්‌සේ ය. ඒවාද තැනින් තැන ජල­යෙන් යටවී තිබිණි. පාර­වල් මැද මෙන් ම දෙපස වන­ ග­හ­නය තුළ අලි ඇතුන් බොහෝ සිටින මුදු වන්ද­නා­ක­රු­වන්ට හෝ අමු­ත්තන්ට උන්ගෙන් කිසිදු කර­ද­ර­යක්‌ නොවීය.”

බතු­තාට පෙර ලක්දිව සිටි ඉස්‌ලා­මීය ෂෙයි­ක්‌ව­ර­යකු වූ අබු අබ්දි අල්ලා ඉබන් තහීෆ් අනු­ගා­මි­ක­යන් සමඟ වන­ගත මං දිගේ සම­නොළ කන්ද තර­ණය කිරී­මට යමින් සිටි බවත්, අත­ර­මඟ වන­ගො­මු­ව­ක දී වල්අලි රැල­ක්‌ ­පා­රට කඩා­පැන ෂෙයි­ක්‌ව­රයා හැර ඔහුගේ අනු­ගා­මි­ක­යන් සියලු දෙනා මරා දම­න්නට පට­න්ගත් බවත් බතූතා සට­හන් කොට තිබේ. ඒ සට­හ­නට අනුව අනු­ගා­මි­ක­යන් සියලු දෙනා මරා දමා අව­සා­න­යේ දී අලි රැලේ නාය­කයා ෂෙයි­ක්‌ව­රයා පිට­මත තබා­ගෙන කැලය තුළට දිව­ගො­ස්‌ ­ආ­ර­ක්‌ෂිත තැනක තබා ඇත. ඒ ගැන පුදුම වූ රජ­තුමා ෂෙයික් වර­යාට ගරු බුහු­මන් දක්වා ඇති බව ද බතූතා සට­හන් කොට තිබේ. මේ කතා අති­ශෝ­ක්ති­යෙන් යුතු ඒවා බවට පැහැ­දි­ලිව පෙනෙන අතර, බතූතා සිය ආග­මික ඉගැ­න්වීම් අනුව තමන්ගේ ආගමේ ශ්‍රේෂ්ඨ­ත්වය අනෙක් පිරි­සට හුවා දැක්වී­මට අසා­ර්ථක උත්සා­හ­යක් ගෙන ඇති ආකා­රය පැහැ­දි­ලිව හඳු­නා­ගත හැකිය.

හලා­වත සිට කුරු­ණෑ­ගල හරහා ගම්පො­ළට ළඟාවූ ඉබන් බතු­තාට ගම්පොළ රජ­කළ සිවු වැනි බුව­නෙ­ක­බාහු රජ­තු­මාද මුණ­ගැසී තිබේ. ඒ සිදු වීම ජන­ශ්‍රැ­තියේ දැක්වෙන්නේ මෙසේය.

කඳු­ක­රය දිගේ සිරි­පා­දය බලා යන ඉබන් බතු­තාට පළ­මු­වෙන් සිරි­පා­දය දැක­ග­න්නට ලැබී ඇත්තේ ගම්පොළ කහ­ට­පි­ටියේ දීය. ඉන්පසු එහි වූ කිරි­ග­හක් පාමුල වාඩි වී ගිමන් හරි­මින් දිගු වේලා­වක් සිරිපා කඳු මුදුන දෙස බලා සිටි­න්නට ඉබන් බතුතා තීර­ණය කොට ඇත. අන­ව­ස­ර­යෙන් පැමිණී මුස්‌ලිම් තාප­ස­යකු කහ­ට­පි­ටිය කිරි­ගහ අසල සිටින බව සැලවූ පරා­ක්‍ර­ම­බාහු රජු වහා ඇතු­පිට නැඟ එතැ­නට ගොස්‌ ­ත­ර්ජ­නා­ත්මක ස්‌වරූ­ප­යෙන් කරුණු විම­සන කළ, ඉබන් බතුතා නිහ­ඬව මන්ත්‍ර ජප කොට ඇතුට පා සොල­වා­ලිය නොහැකි සේ වික්‍ර­ම­යක් කොට තිබේ.

එහි දී අස­රණ වූ බුව­නෙ­ක­බාහු රජ තෙමේ, ගම්වර දී බතූතා අස්‌වසා ලූ බවත් ඔහු නැවැතී සිටි ඉඩම බතූ­තාට පැවරූ බවත් කියැවේ. ආර්ය­ච­ක්‍ර­ව­ර්තිගේ පිරි­වර සෙනඟ සමඟ සිරිපා වඳි­න්නට යන්නට ද බතු­තාට අව­සර දී තිබේ. පසු­කා­ලී­නව ගම්පොළ කහ­ට­පි­ටිය මුස්ලිම් පල්ලිය ඉදි වී ඇත්තේ ඉබන් බතුතා රැඳී සිටි බිමේ බවට විශ්වාස කෙරේ. නමුත් ඉබන් බතු­තාගේ පොතේ එවැනි විස්ත­ර­යක් නැත.

සමන් දෙවි­යන්ගේ වාහ­නය ලෙස සැල­කෙන්නේ සුදු ඇතෙකි. ඉබන් බතූතා ගම්පොළ රජ­කම් කළ පස්‌වැනි පරා­ක්‍ර­ම­බාහු රජුට සිටි සුදු ඇතෙකු ගැන විස්ත­ර­යක් සිය සට­හ­නෙහි දක්වා ඇත.

“ගම්පොළ රජුගේ නම කිනාර්ය. (පස්‌වැනි පරාක්‍රම­බාහු) ඔහු සතුව සුදු පැහැති ඇතෙක්‌ විය. උත්සව දින­වල රජ­තුමා මේ සුදුඇතාගේ පිට නැඟී වීථි සංචා­රය කළේය. මෙවැනි සංචා­ර­ව­ල දී අධි­රාජ්‍යයා රතු­කැට සහිත ඔටු­න්නක්‌ පැල­ඳු­වේය. මගේ ජීවි­ත­යෙහි මා දැක ඇති සුදු පැහැති එකම හස්‌තියා මේ සතාය.”

ගම්පොළ රාජ­ධා­නියේ මැණික් හමු වූ බවද, රජු වටි­නා­ක­මෙන් යම් ප්‍රති­ශ­ත­යක් ගෙවා එම මැණික් මිලට ගත් බවද, ප්‍රභූ කාන්තා­වන්ට මැණික් පැල­ඳී­මට නිද­හස තිබූ බවද, කිකිළි බිත්ත­ර­යක් තරම් රතු­කැට මැණික් දුටු බව ද විස්තර කර තිබේ.

ඉබන් බතූතා ඉස්ලා­මි­ක­යෙකි. ඔහුගේ අාග­මික ඉගැ­න්වීම් අනුව ඉස්ලා­මික නොවන සියලු දෙනා මිථ්‍යා­දෘ­ෂ්ටි­ක­යෝය. එනිසා තම­නට කෙත­රම් අනු­ග්‍ර­හය දැක්වූ­වද ආර්ය චක්‍ර­ව­ර්තී­ටත්, පස්වැනි පරා­ක්‍ර­ම­බා­හු­ටත් මිථ්‍යා­දෘ­ෂ්ටික රජ­ව­රුන් යැයි කිය­න්නට ඔහු පසු­බට නොවේ. ඔහුගේ මත­යට අනුව සෙර­න්ඩිබ් කඳු මුදුනේ ඇත්තේ “ආදම්ගේ පා සට­හ­නයි”.ලෝකය මැවූ පසු දෙවි­යන් විසින් බිහි කරන ලද ප්‍රථම මනු­ෂ්‍යයා ආදම් බව කතෝ­ලි­ක­යන් සේම ඉස්ලා­මි­කයෝ ද පිළි­ග­නිති. සිරි­පා­දය “Adam’s Peak” ලෙස හඳු­න්ව­න්න­ටත්, එම නම ලොව­පුරා ප්‍රච­ලිත කර­න්න­ටත් වෙළ­ඳාම වෙනු­වෙන් සංචා­රය කළ මුස්ලි­ම්ව­රුන් වැඩි දාය­ක­ත්ව­යක් ලබා දී තිබේ.

ගම්පොළ සිට සිරි­පා­දය දක්වා යන ඉබන් බතුතා ඉන්ප­සුව විස්තර කරන්නේ මෙරට සුන්ද­ර­ත්වය සහ ජෛව විවි­ධ­ත්වය ගැනය. ඔවුන් නැවැතී සිටි ගල් ගුහා­වක් ගැන සඳ­හන් කරන බතුතා එය “ඉස්තාර් මොහො­මඩ්” ලෙන ලෙස නම් කරයි. එයද ඔහුගේ ආගම සමඟ බැඳුණු පුරු­ද්දකි. ඇත්ත ඇති සැටි­යෙන්ම වාර්තා කරනු වෙනු­වට කර­මක අති­ශෝ­ක්ති­යෙන් සහ නිර්මා­ණා­ත්ම­කව වාර්තා කරන ඉබන් බතු­තාගේ ලේඛන වැද­ගත් වන්නේ එම වාර්තා­වට පෙර ලියැ­වුණු සිරිපා ගමන් සට­හ­නක් හමු නොවන නිසා පමණි. ගම­නට බාධා කළ කර­ද­ර­කාරී කූඩැ­ල්ලන් ගැනද, රංචු වශ­යෙන් ගැවැ­සුණු වඳු­රන් ගැනද විශේ­ෂ­යෙන් සඳ­හන් කරන ඔහු කඳු­ක­ර­යේ දී වන අලින් මුණ ගැසුණු බවක් නොකි­යයි. සිරිපා කඳු පාමුල තිබූ ලෙන් හතක් ගැන විස්තර කරන ඉබන් බතුතා ඉන් එකක් මහා ඇලෙ­ක්සැ­න්ඩර් රජුගේ ලෙන යැයි නම් කරයි. මහ­ර­ත්මල් ගැන කියන ඔහු එය දෙවි­යන්ගේ පුෂ්පය ලෙස හඳු­න්වයි.

“ආදම්ගේ පා සට­හන් පිහිටි කඳු මුදුන දක්‌වා යන මාර්ග දෙකක්‌ සෙර­න්ඩිබ් කන්ද දෙපැ­ත්තෙන් විය. මෙයින් එක පාරක නම ආදම්ගේ පාර හෙවත් බාබාගේ මාර්ග­ය ය. අනෙක මාමාගේ පාර හෙවත් ඊවාගේ මාර්ග­ය ය. ඊවාගේ පාර දිගුය. එහෙත් ලෙහෙ­සිය. (මෙය වත්මන් රත්න­පුර පාර වන්නට ඇත.) බාබාගේ පාර කෙටිය, එහෙත් දුෂ්ක­රය. (මෙය වත්මන් හැටන් වන්නට ඇත) ලෙහෙසි පාරෙන් ගොස්‌ පා සට­හන් වන්ද­නා­ මාන කිරීම සැබෑ වන්දනා ගම­නක්‌ ලෙස සැල­කී­මට මේ වැස්‌සෝ අකැ­මැ­ත්තා හ. ඔවුන් කියන්නේ වඩා පින්ලැබෙන්නේ දිග පාරෙන් ගමන් කළ විට බවය.”

සම­නොළ සිරිපා වරුණේ ලිපි පෙළට අන්ත­ර්ගත විය යුතු යැයි සිතන ඔබ දන්නා ආශ්‍රිත කරුණු සහ සැඟ­වුණු චම­ත්කා­ර­යන් වේ නම් outofboxsrilanka@gmail.com ලිපි­න­යට දන්වන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමු.

(ස්තුතිය-මෙම ගවේ­ෂ­ණය සඳහා අව­සර ඉඩ­හ­සර ලබා­දුන් ශ්‍රීපාද ස්ථානා­ධි­පති බෙංග­මුවේ ධම්ම­දින්න නාහිමි පාණන්ට සහ සියලු පහ­සු­කම් සපයා දුන් ශ්‍රීපා­ද­ස්ථා­නයේ සම්බ­න්ධි­ක­රණ ලේකම් උපාලි උද­ය­කු­මාර මහ­තාට )



from silumina sithmalyaya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();