Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එල්.බී. ෆිනෑන්ස් නව ශාඛා යාපනේ සහ මරදානේ

2 පෙබරවාරි, 2019

පාරිභෝගික ඔබගේ ඕනෑම මුල්‍ය අවශ්‍යතාවයකදී කාර්යක්ෂම සහ ඉක්මන් සේවාවක් ලබා දීම සඳහා එල්.බී. ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛා කිහිපයක්ම පසුගිය දින තුළ අභිනවයෙන් විවෘත කෙරුණු අතර ශාඛා නව පරිශ්‍රයන් වෙතද ගෙන යන ලදීය. එලෙස පසුගිය දින මනිපෙ ශාඛාව නො. 171, යාපනය පාර, මනිපායි යන ස්ථානයේ සහ මරදාන ශාඛාව නො. 556, 558, මරදාන පාර, කොළඹ 10 යන ස්ථානයේ කටයුතු අරඹන ලදී.

එල්.බී. ‍ෆිනෑන්ස් සමාගමතම ශාඛා ජාලය මඟින් තත්වයෙන් වඩා ඉහළ සේවාවක් සැපයීම සඳහා අලුතින් විවෘත කරන ලද මනිපායි ශාඛාව එල්.බී. ෆිනෑන්ස් සමාගමෙහි අලෙවි අංශ ප්‍රධානි සුදීප් පෙරේරා මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුරාජ් කරුණානායක යන මහත්වරුන‍්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

වසර 48 කට පමණ අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ‍ෆිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයින් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා නව ස්ථානවල ශාඛා විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, අධ්‍යාපනික ණය, දේපළ ණය, ආන්තික ණය වැනි මුල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රැසක් ජනතාවට ලබාදෙනු ඇත.

එමෙන්ම එල්.බී. ෆිනෑන්ස් ප්‍රධාන ඉස්ලාමීය මූල්‍ය සේවා අංශය ජනතාවට පහසු සේවාවක් සැපයීම සඳහා මරදාන ශාඛාවේ ස්ථාපිත කරන ලදී.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();