උතුරේ කාර්යාල සියල්ල මතින් තොර වෙන්නට තීන්දු කොට තිබේ. මතින් තොර රටක් හදන ජනපතිගේ වැඩේට මුලින් ම ප්‍රතිචාරය ලැබෙන්නේ උතුරිනි. 'මේක කරන්න බෑ...''මත් උවදුර මඬින්න බෑ''
'ඕක මෛත්‍රී ඇනගන්න පොටක්' 'මතින් තොර රටක් හදන 'වැඩේ ගැන කකුලෙන් ඇද්ද අය උපහාස කතා කීවේ එහෙම ය.'විජයග්‍රහණය සැමරුම් අබිමුව අන් සියල්ලන් පෙරමුණෙහිද ඔබ ඔවුන් පසුපසින්ද හිඳ නායකත්වය දිය යුතු වන්නේ ය. එහෙත් අභියෝග සහ අනතුරු අබිමුවෙහි ඔබ හැමවිට ම පෙරමුණ ගත යුතු වන්නේ ය. එවිට නායකයකු ලෙස ඔබ සියල්ලන්ගේ ම ගෞරවාදරයට පාත්‍ර වනු ඇත.”
මෙහෙම කියන්නේ නෙල්සන් මැන්ඩෙලාය. එහෙත් සමහර නායකයන් කරන්නේ සාහසික ලෙස පලා යෑමය. මෛත්‍රී 'අපහසු වැඩ' භාරගත්, නායකයෙකි. මීට වසර 4ට පෙර මෛත්‍රී ඒ බව ඔප්පු කළේ දේශපාලන පර්වතයක් බඳු ආණ්ඩුවක් පෙරළා දැමීමට එළියට බැසීමෙනි .එයින් පසු ඔහු බොහෝ දේ සිදු කළේය .'අපි වවමු රට නඟමු' කියන නිර්මාණශීලී වැඩේ මෛත්‍රීගේ ය. එය ගමින් ගම ව්‍යාප්ත ව ප්‍රචලිත වන විට ඒ ආණ්ඩුවේ 'බලධාරී පවුල'ට ඊරිසියා හිතිණි. පවුල් කල්ලිය පිස්සු නටන විට මෛත්‍රීගේ වැඩේ සාර්ථකත්වය ඔවුන්ගේ ඇස්වලට කටු අනින්නක් විය. අන්තිමට 'අපි වවමු රට නඟමු' මෛත්‍රීගෙන් ගලවා 'ආර්ථික කටයුතු' අමාත්‍යාංශයට ගත්තා පමණක් නොව කෘෂිකර්මය ද ගලවා ගත්තේ ය. 'අපි වවමු රට නඟමු' ඉන් පසු 'පුස් ඇට' බෙදිල්ලක් බවට පත් කොට වනසා දැම්මේය. මෛත්‍රිෙග් දේශපාලන දිවියේ ලොකුම සිහිනයක් වූයේ 'මොරගහකන්ද' ව්‍යාපෘතිය ය. නිදහසින් පසු මෙරට සිදු කළ ප්‍රකට ම වාරි සහ සංවර්ධන ව්‍යාපෘතිය 'මහවැලි සංවර්ධන' ව්‍යාපෘතිය ය. එය තාමත් කීර්තිමත් ඉතිහාසයක් ලෙස බැබළෙමින් තිබේ. මොරගහකන්ද එහි කූටප්‍රාප්තිය ය. එහෙත් එය රටේ 'මුල් පුවතක්' බවටවත් පත් වූයේ නැත. අද නීල දිය කඳක් ව ශෝභමාන ව දිදුලන්නේ දශක හතරකටත් වැඩි කාලයක් තිස්‌සේ සැලසුම්වලට පමණක් සීමවී තිබූ සිහිනයක් ය. විවිධ ආණ්‌ඩු යටතේ කතාවට ලඝූ වී ඉහළ-පහළ ගිය "මොරගහකන්ද" ජලාශය දෙවැනි වන්නේ ගාමිණී දිසානායක පණ දුන් 'මහවැලියට' පමණි. වස්සානයේ මහා වර්ෂාවෙන් ඉතිරි කෑ ගසාගෙන මුහුදට ගලා යන අඹන් ගඟේ ජල කඳ ලක‍්ෂ සංඛ්‍යාත ජනයාට 'හුස්ම ගෙනෙන' පින්කමක් බවට පත් කිරීමට මෛත්‍රීට අවශ්‍ය විය.
නියං සායේ වියරු සර්පයා කුරිරු ලෙස දෂ්ට කළේ රජරටට ය. එකී විසෙන් නිරන්තර හෙම්බත් වන්නෝ, රජරට ගොවියෝ ය. ජාතියට බත සපයන ගොවියෝ නියන් සර්පයාගෙන් බැට කන විට ඉන් ජාතිය ම රෝගී වීම අරුමයක්ද...? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දකින්නේ ඒ රෝගී ජාතිය නිරෝගී කිරීමේ ප්‍රතිකර්මය ය.
තම දේශපාලන ජීවිතය තුළ මෛත්‍රී නොසංසිඳන සිහිනයක් දුටුවා නම් ඒ මොරගහකන්ද බහුකාර්යය යෝජනා ක්‍රමය ය. උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ලකෂ සංඛ්‍යාත ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙන්ම රටේ ජලවිදුලිබල නිෂ්පාදනය ශක්තිමත් කිරීමටත් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම මෛත්‍රී තුරුණු වියේ සිට ම හදවතින් දුටු සිහිනයකි; ඔහු එය ජයගත්තේ ය. මොරගහකන්දේ නීල දියවරින් අස්වැද්දෙන නිල්ල නිලන කෙත් යායක පින් කඳ මෛත්‍රීට ය. ගමේ නායකයා, රට ගැන හිතන නායකයා, යනාදී ලෙස වයිවාරණ සැරසිලිවලින් පුද ලබන රාජපක්ෂලා මේ මහා පින්කමට 'එරෙහි වූ' හැටි එදා මෛත්‍රී වේදනාවෙන් කීවේය. “2007 ජනවාරි 25 වෙනිදා මේ ව්‍යාපාරයට මුල් ගල් තියලා උත්සවයක් තියලා මහා බලාපොරොත්තු ඇතිව පටන් ගත්ත මේ යෝධ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ කදුළු පිසදමන්න, ඒ අවට අනෙක් ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය ශක්තිමත් කරන්න, ජාතික ආර්ථීකය පුළුල් කරන්න. මේ රටේ ශක්තිමත් යෝධ ව්‍යාපෘතියක් විදිහට පටන් ගත්තේ ජනවාරි 25 වෙනිදා, එතකොට මම මහවැලිය භාර ඇමැති. ඊට දවස් දෙකකට පස්සේ ඇමැති මණ්ඩල සංශෝධනයක් ආවා. ඒ ඇමැති මණ්ඩල සංශෝධනයට කලින් දවසේ මට කිව්වා මහවැලි විෂය ඔබෙන් අයින් කරනවා කියලා.
මම කිව්වා දැන් දවස් දෙකකට කලින් මේ යෝධ ව්‍යාපෘතියේ වැඩ පටන් අරගෙන, මහවැලිය මගෙන් අයින් කරනවා නම් පටන් ගත්ත වැඩට මොකද වෙන්නේ කියලා. මේක රජරට ජනතාවගේ බලාපොරොත්තුව, මේ ව්‍යාපෘතිය මා කෙසේ හෝ කළ යුතුයි කියලා. මගේ දැඩි ඉල්ලීම මත මගෙන් ඉවත් කළ අමාත්‍යංශය පැය 48කට පස්සේ නැවත ලැබුණා. ළඟ හිටපු බැසිල් රාජපක‍්ෂට කිව්වා ඔන්න ඒක දීලා දානවා කියලා. ජනවාරි 28 වැනිදා නැවත ගැසට් කළා. මට මහවැලිය, නමුත් අවුරුදු 05 ක් යනකන් සල්ලි දුන්නේ නැහැ; මේ ව්‍යාපෘතිය කරන්න.
මම 2007 මෙතැන වැඩ පටන් අරගෙන මට අමාත්‍යංශය ආපහු ගැසට් කළාට පස්සේ මම ජපන් ජයිකා සමාගමත් එක්ක කතා කළා. ජයිකා ආයතනය කැමති වුණා සල්ලි දෙන්න. එය ප්‍රතික්ෂේප කළා ඉහළින්. ඊට පස්සේ චීන රජය සමඟ මම කතා කළා. ඒ ආයතනවලින් එකඟතාව පළ කළා. නමුත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත්, කැබිනට් මණ්ඩලයත් මේ යෝජනා පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළා. අවුරුදු 05 ක් මේ ව්‍යාපෘතිය කෙරුණේ නැහැ. 2007 ජනවාරි 25 වැඩ පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙන්න තිබුණේ 2012 වසරේ.”
මොරගහකන්ද ස්‌ථිරව හදනවාද, නැද්ද යන "වැටඋඩ" තීන්දුවට තිත තබමින් "හදනවා" යන තීන්දුව ගත් මෛත්‍රී මෙරට ඉතිහාසයේ 'සද්ධන්තම' සංවර්ධන ව්‍යාපෘතිය 'ලොකු හා හූවක්' නැතිවම හමාර කළේ ය. බස් නැවතුම්පළක් හදන්නට මුල් ගල තියද්දීත් සද්දෙට 'ඇඩ්වර්ටයිසින්' කළ ඉතිහාසයක් ඇති රටක යහපාලන ආණ්ඩුව රටින් අඩක් සශ්‍රීක කළ දියවර උදානය සිදු කළේ 'සද්ද' නැතිව ම ය. ඊට පසුව ඔහු අත තිබ්බේ මතට එරෙහි සටනට ය. මතින් තොර රටක් හැදීමේ යුද්ධය, තිස් වසරක් පැවැති යුද්ධයට වඩා බිහිසුණු බව කීවේද මෛත්‍රී ය.
'පසුගිය වසර 4ක කාලය තුළ ජනාධිපතිවරයා ලෙස මත්ද්‍රව්‍ය නිවාරණය හා පාලනය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ගත හැකි හා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේදී මත්ද්‍රව්‍ය පිළිබඳ නව නීතිරීති සම්මත කළා; ගැසට් නිවේදන සම්මත කළා. ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු පනත මත්ද්‍රව්‍ය පිළිබඳ ව පනතයි. සිගරට් පැකැට්ටුවේ අවවාද ඡායාරූපය සියයට 80ක් කරන්න ගිය වෙලාවේ දුම්කොළ සමාගම් හා තවත් අය අධිකරණයට ගියා. එහිදී සියයට 60ක් දෙන්න පුළුවන් සියයට 80ක් දෙන්න බැහැ කියලා අධිකරණය කිව්වා. නමුත් මම ජනාධිපතිවරයා ලෙස අධිකරණ තීන්දුවේ සියයට 60 පසෙකලා පාර්ලිමේන්තුවේ 225 ඡන්දයෙන් සිගරට් පැකැට්ටුවේ රූපමය අවවාදය සියයට 80 දක්වා ඉහළ නංවන්න කටයුතු කළා.
ඒ වගේම දියුණු යැයි සම්මත ඉහළ ම ආර්ථිකයක් සහිත තාක්ෂණික ලෝකයේ රටවල මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය පිළිබඳ ක්‍රියාත්මක නොවන නීතිරීති, ගැසට් නිවේදන ඇතැම් වෙලාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් පිළිබඳ කතා කරන මූලස්ථානය ජිනීවාවල තියෙනවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා ව සිටි කාලයේ වසරකට තුන්වරක් හෝ හතරවරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීම්වලට ජිනීවාවලට යනවා. එහෙත් විවේකයක් ලැබුණු පසු ජිනීවා නගරයේ ඇවිදින්න ගියාම බස්නැවතුමක ඉන්න පුළුවන්කමක් නැහැ. කොටින්ම සිගරට් නොබොන කෙනකුට ජිනීවාවල බස් නැවතුමක ඉන්න බැහැ. මුළු බස්නැවතුම ම සිගරට් දුමෙන් වැහිලා. අපේ රටේ තිබෙන නීතිරීතිත් නැහැ. අපේ රටේ අද මහජනතාව ගැවසෙන ස්ථානවල දුම් බොන්න බැහැ; බස් රථවල දුම් බොන්න බැහැ. ඒ නීති අපි සම්මත කළේ පසුගිය වසර කිහිපය තුළයි. අද මෙහි වැදගත්කම ඔබ දන්නවා. මෙහිදී කතා කළ පාසල් දරුවන් සහ වෛද්‍යවරයා බොහෝ මතකයන් අවදි කළා කියලා මම හිතනවා. මෙය මගේ කාර්යයක් නොවෙයි, ඔබේ කාර්යයක්; දෙමාපියන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යයක්.” පසුගියදා ජනපති මෛත්‍රී මාතරදී කීවේය.
කකුල් මාට්ටු, කැපිලි කෙටිලි, කුමන්ත්‍රණ ඔහු සිය තෙම්පරාදු දේශපාලන ජීවිතයේ අප්‍රමාණ ලබා තිබේ. ඒ සියල්ල අතරේ ඔහු රටේ හෙට වෙනුවෙන් ප්‍රශස්ත කටයුත්තක් සිදු කරයි. ඒ දහසක් ගැරහුම් මැද ය.
'මා එක්ක අමනාපයක් තියෙනවා නම්, මට වෙඩි තියලා මාව ඝාතනය කළාට කමක් නෑ. ඒත් මම පුංචි කාලේ ඉඳලා ආරක්ෂා කරගෙන ආව මගේ චරිතය ඝාතනය කරන්න එපා' එහෙම කීවේ රණසිංහ ප්‍රේමදාස ය. කෙළවරක් නොවන විවේචන, නින්දා, අපහාස, උපහාස සහ ගැරහුම් ඉවසාගෙන, දරාගෙන බැරිම තැන ඔහු එහෙම කීවේය. 'මගේ චරිතය ඝාතනය කරන්න එපා' කියන කතාව අදටත් එදා වගේ ම ජනප්‍රිය ය. නිදහසින් පසු මෙරට බිහිවූ ජනාධිපතිවරුන් අතරින් පොඩි මිනිහාට වඩාත් ම සමීප වෙමින් පොඩි මිනිහා නියෝජනය කළ ජනතා නායකයකු ලෙස ජනපති ප්‍රේමදාස ප්‍රකට ය. අන්ත දරිද්‍රතාවේ පතුලෙහි සිටි මිනිසුන් ඉන් ඔසවාලීමට රෑ දවල් තිස්සේ කැපවූ නායකයකු ලෙස ප්‍රේමදාස ප්‍රකට ය. නොවිය යුතු යම් යම් දෑ ඔහුගේ කාලයේ සිදුවිණි ද, ඒවාට කිසියම් ඓතිහාසික වටපිටාවක් තිබිණි. එ්ත්, පොදුජන හදවත්වලට සමීප ව, නැති බැරි අය ඇති හැකි අය කිරීම උදෙසා අවංක උත්සාහයක් ගත් වෙනත් නායකයකු ඉන් පෙර සිටියා නම් එය අතිශය දුර්ලභ තත්ත්වයකි.
සමාජ දේහයේ පතුල හොඳ හැටි හැඳින මෙරට ඉහළ පුටුවට ගිය නායකයන් අතර ප්‍රේමදාස ජනපතිට පසු හමු වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ය. එදා ප්‍රේමදාස ජනපතිට කියන්නට සිදු වූ දේම ඊට සමාන අර්ථයකින් අද සිරිසේන ජනාධිපතිවරයාට කියන්නට සිදුව තිබේ.
"සමහර අය මට එළිපිට ගහනවා. සමහරු රහසේ ගහනවා. සමහරු විවෘතව ගහනවා. සමහරු අභ්‍යන්තරව විවෘත නොවන විදියට ගහනවා. මම ඒ හැමෝගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් නිසාද එහෙම කරන්නේ?''
මේ මෛත්‍රීට කියන්නට සිදුවී තිබෙන කතාව ය. ප්‍රේමදාසගේ කතාවේත්, මෛත්‍රීගේ කතාවෙත් ලොකු වෙනසක් නැත. දෙදෙනා තෝරාගත්තේ දේශපාලන කඳවුරු දෙක දෙකකි. දෙදෙනා ගියේ දෙදෙනාට අනන්‍ය සහ දෙදෙනා වෙන්ව විශ්වාස කළ දේශපාලන ගමනක් ය. එහෙත් දෙදෙනාටම සතු වූ පොදු ගති ස්වභාවයන් 'රැසක්'ම තිබිණි. එදා ප්‍රේමදාස ජනපති ගැරහුම් මැද වැඩ කළේ ය. එදාට වඩා ඔහු ජනතාව ඉල්ලන්නේ මෙදා ය. මෛත්‍රීද දහසක් අවලාද මැද වැඩ කරමින් සිටී. ඔහුද වටිනු ඇත්තේ අදට වඩා හෙට ය.
from silumina
0 Comments