1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය අද (01) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි මෙහෙයුම් මැදිරියේ කටයුතු පිළිබද සොයා බැලීය.ගිලන් රථ ද ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් කෙරිණි.
ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලි ආධාරයක් ලෙස 2016 වසරේ දී ගාස්තු රහිත පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් වන 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණු අතර මේ වන විට එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.
කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
0 Comments