Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යය වෙත

ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍ය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ කොළඹ, වරාය පරිශ්‍රයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී පැවැත්විණි.
 
ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා පසුගිය 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සීෂෙල්ස් හි කළ රාජ්‍ය සංචාරයේ දී ලබා දුන් පොරොන්දුවක් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රදානයක් ලෙස මෙම නාවික යාත්‍රා සීෂේල්ස් රාජ්‍ය වෙත ලබාදීමට පියවර ගැනිණි. 
 
මෙම නාවික යාත්‍රා වැලිසර නාවික කදවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපල  (Inshore Patrol Craft Construction Project) මගින් අන්තර්ජාතික ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කර තිඛෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සති 06ක් වැනි කෙටි කාලයක් තුළදී එම නිෂ්පාදන කටයුතු සිදු කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම තවත් මෙවන් යාත්‍රාවක් මුදල් ගෙවා ලබා ගැනීමට ද සීෂෙල්ස් රාජ්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කැමැත්ත පළ කර තිබේ. 
 
මෙම යාත්‍රා භාරදීමේ අවස්ථාව වෙනුවෙන්ම සීෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා දිවයිනට පැමිණි අතර ජනාධිපතිතුමා විසින් යාත්‍රා භාරදීමට අදාළ ලිපි ලේඛන ඒ මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය. 
 
මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි. 
 
ශී්‍ර ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් කොන්රඩ් මෙඩෙරික් මහතා ද,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජගත් රණසිංහ යන මහත්වරුන් ඇතු`ථ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();