අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම්, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධීකරණය මෙන්ම ප්‍රගති සමාලෝචනයට පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පත් කර ඇත.
ඒ අනුව පෙරේදා (31) ඒ මහතා නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණූ අමාත්‍යාංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
එහි දී අදහස් දැක්වු ඒ මහතා මෙසේ සඳහන් කළේය.
වෘත්තීය පුහුණුවට වැඩි වටිනාකමක් ලබා දුන්නේ පියසේන ගමගේ මහතා බව තේරුම් ගත් අගමැතිවරයා මට සුදුසුම අමාත්‍යාංශයට අදාළ රාජකාරී කටයුතු පැවරුවා. ඒ අනුව ඉදිරියේ දී අගමැතිවරයා පැවරූ පුර්ණ බලතල යටතේ වෘත්තීය පුහුණූ ක්ෂේත්රයේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
තනතුරු, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් මම පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ප්රමුඛ වත්මන් රජයට සහා දැක්වුයේ නෑ. පැවති දේශපාලන ව්‍යාකූල තත්ත්වය හමුවේ රට සහ රටේ ව්‍යවස්ථාව මෙන්ම නීතියේ ආධිපත් වෙනුවෙන් මම සුදුසුම පියවර ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 30කට අධික කාලයක් කටයුතු කළ පුද්ගලයකු ලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැනි පුද්ගලයකු සමඟ එක් වී කටයුතු කිරීම පහසු කාර්යයක්. මම ද කිසිදු දිනෙක එවැනි දෙයක් සිදු වෙතැයි අපේක්ෂා කළේ නෑ. අගමැතිවරයා මා සමඟ ඉතා සුහදව කටයුතු කරනවා. ඒ මහතාගේ අනවශ්‍ය අතපෙවීම්වලින් තොරව සිය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ඉටු කිරීමට අවස්ථාව සලසා දුන්නා. මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කිසිදු විරසකයක් හෝ හිත් අමනාපයක් නෑ. ඒ මහතා ද සුහදශීලී දේශපාලන නායකයෙක්.
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් වැරැදි මතවාදයක් ගොඩනඟා තිබෙනවා. ව්‍යවස්ථාවක් සකස් කළත් එයින් බුද්ධාගමට ඇති ප්රමුඛත්වයෙහි කිසිදු වෙනසක් හෝ සංශෝධනයක් සිදු වන්නේ නෑ. මට හුරු පුරුදු තැනක් වු වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සියලු කාර්ය මණ්ඩලය සමඟ සුහදව සිය වගකීම් ඉටු කරනවා.
0 Comments