Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගිනි ඉඩෝරයේ ගඟේවාඩියට ගැලූ අමුතු ගංවතුර

2 පෙබරවාරි, 2019

හදිසි ගංව­තු­ර­කදි බේරගන්නේ කොහො­මද? නාවික හමු­දා­වේ විශේෂ පුහු­ණුවක්

පෙර දා මහන්සි වී වැඩ කළ නිසා රත්න­සිරි උදෑ­සන අවදි වීමට තර­මක් ප්‍රමාද විය. වෙනදා ඇසෙන සද්ද බද්ද කිසි­වක් අද නොඇසේ. ඇඳෙන් බිමට බැස ජනේ­ලය හැර බැලූ රත්න­සි­රිට දක්නට ලැබුණේ තම නිවෙස ඇතුළු පළා­තම ජල­යෙන් යට වී ඇති බවකි. හැකි ඉක්ම­නින් නි‍ෙව­සින් එළි­යට යන්නට දොර ඇරියා පමණි. මහා ජල කඳක් දොරත් තල්ලු කර­ගෙන නිවෙස තුළට ඇතුළු විය. නිවෙසේ අඩි දෙක තුනක් ජල­යෙන් යට වූ අතර වේග­යෙන් නිවෙස ජල­යෙන් යට­ව­න්නට විය. තම නි‍ෙවසේ වටි­නාම උප­ක­ර­ණය වූ රූප­වා­හි­නිය දෝතින්ම ගත් රත්න­සිරි නිවසේ සිටිය හැකි උසම ස්ථානය වූ මහ මේස­යට නැංගේය‍. ඒත් ආර­ක්ෂාව ප්‍රමා­ණ­වත් නොවුණි.

ජල කඳ වේග­යෙන් ඉහළ නඟි­න්නට විය. කළ හැකි එකම දෙය නිවසේ වහ­ල­යට නැඟීම පම­ණක් බව ඔහුට අව­බෝධ විය.

වහ­ලට නැඟ බැලූ රත්න­සි­රිට බැලූ බැලූ හැම අතින්ම ඉහ­ළට නැඟ ආ ජල කඳ හැරෙ­න්නට කිසි­වක් දක්නට නොවුණි. තමන් බේරා ගන්නා ලෙස අතක් ඔස­ව­මින් කෑග­හ­නවා හැරෙ­න්නට කිසි­වක් කර කියා ගන්නට ඔහුට හැකි­යා­වක් නොවුණි. අවට නිවාස රැසක්ම ජල­යෙන් යට වී ගොසිනි. ඇතැම් නිවා­ස­වල වහ­ල­ය­වත් පෙනෙන්ට නැත. එම නිවා­ස­වල සිටි අය ජල පහ­රට අසු වූවාද නැත්නම් දිවි බේරා ගත්තාද යන්න ගැන රත්න­සි­රිට සිත­න්නට වේලා­වක් වූයේ නැත.

රත්න­සි­රිගේ අත­වැ­නීම ඈතින් ආ බෝට්ටු­වක් දකි­න්නට ඇත. බෝට්ටුවේ සිටි පිරිස් ඔහු වෙත පැමි­ණි­යහ.

රත්න­සි­රිට දැනුම් දුන්නේ ඔහු බේරා ගැනී­මට ගුව­නින් පිරිස් පැමි­ණෙන බවයි. ඒ සම­ඟම ගුවන් යාන­යක් පහ­ළින් පියා­සර කර­න්නට විය‍ ­එ­යින් ලණු­වක ආධා­ර­යෙන් බැස­ගත් අයෙක් පහ­ළට රූටා එන්නට විය.

වහ­ලය මත නැඟ සිටි රත්න­සිරි මුදවා ගන්නා ලදී. ගුවන් යානය පියා ගියේය.

ඒ සම­ඟම බෝට්ටු­වෙන් පැමිණි පිරිස් දෙම­හල් නිව­සෙක අත­ර­මංව කිසිවක් කර කියා ගත නොහැ­කිව සිටි තවත් පිරි­සක් බේරා ගැන්මට කට­යුතු කළහ.

තවත් කිහිප තැන­ක­ටම මේ පිරිස් සහාය වූහ. කිසි­ව­කුගේ ජීවි­ත­යට අන­තු­රක් වන්නට සහන සේවා කණ්ඩා­යම් ඉඩ නොතැ­බූහ.

අප මේ කිව්වේ රත්න­පු­රයේ හෝ කළු­තර හෝ සිදුවූ ගංව­තුර ආප­දා­වක් ගැන නම් නොවේ. මේ සිදු­වීම අපට දක්නට ලැබුණේ පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ එළු­ව­න්කු­ලම්හි ග‍ඟේවා­ඩිය ප්‍රදේ­ශ­යේ­දීය.

එමෙන්ම මේ ‍මුදා ගැනීම ස්වාභා­වික ගංව­තු­ර­කදී නොවී­මද විශේ­ෂ­ත්ව­යකි.මෙය ගංව­තුර ස්වාභා­වික ගංව­තු­රක් නොවේ. ස්වභා­වික පරි­ස­රි­යට කිසිදු ආකා­ර­යක හානි නොවන සේ කලාඔය මෝය අසල නදියේ ග‍ඟේවා­ඩියේ නිර්මා­ණය කරන ලද ගම්මා­න­යකි.මෙය ගංව­තුර ස්වාභා­වික ගංව­තු­රක් නොවේ. ස්වභා­වික පරි­ස­රි­යට කිසිදු ආකා­ර­යක හානි නොවන සේ කලා­ඔය මෝය අසල නදියේ ග‍ඟේවා­ඩියේ නිර්මා­ණය කරන ලද ගම්මා­න­යකි. සැබැ­වින්ම මෙය ගංව­තුර ස්වාභා­වික ගංව­තු­රක් නොවේ. ස්වාභා­වික පරි­ස­රි­යට කිසිදු ආකා­ර­යක හානි නොවන සේ කලාඔය මෝය අසල නදියේ ග‍ඟේවා­ඩියේ නිර්මා­ණය කරන ලද ගම්මා­න­යකි. මෙම ගංව­තුර ක්‍රියා­කාරී අභ්‍යා­ස­යකි.

ශ්‍රී ලංකා නාවික හමු­දාවේ මූලි­ක­ත්ව­යෙන් ගුවන් හමු­දා­වේද සහා­යෙන් සිදු කළ මේ අභ්‍යා­සය ආසියා පැසි­ෆික් ආපදා කළ­ම­නා­ක­රන සංවි­ධා­නය (Asia pacific Alliance for Disaster Management) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහු­ණු‍ ­වැ­ඩ­ස­ට­හ­නකි.

එය පසු­ගිය ජන­වාරි මස 16 වැනිදා එළු­ව­න්කු­ලම්හි ග‍ඟේවා­ඩිය ප්‍රදේ­ශ­යේදී සිදු කරන ලදී. ක්ෂණික ක්‍රියා­කාරී යාත්‍රා බල­ගණ මූල­ස්ථා­න­යේදී එය ආරම්භ කළ අතර, දින 08 ක් පුරා මෙම වැඩ­ස­ට­හන පව­ත්වන ලදී.

නාවික හමු­දා­ධි­පති, වයිස් අද්මි­රාල් පියල් ද සිල්වා මහ­තාගේ විශේෂ උප­දේ­ශ­ක­ත්ව­යේන මේ පුහුණු ක්‍රියා­කාරී අභ්‍යා­සය පව­ත්වන ලද්දේ හදිසි ආප­දා­ව­කදී සිදු කරන මුදවා ගැනීමේ මෙහෙ­යු­මක් ලෙසි­න්මය.

පුහුණු වැඩ­ස­ට­හන හමුදා සහ සිවිල් වශ­යෙන් අදි­යර දෙකක් යටතේ පැවැත්වූ අතර, ජපා­නයේ ආසියා පැසි­ෆික් ආපදා කළ­ම­නා­ක­රණ සංවි­ධා­නය මඟින් ප්‍රවිණ පුහු­ණු­ක­රු­වන් 06 දෙනෙකු ඇතු­ළුව ශ්‍රී ලංකා නාවික හමුදා උප­දේ­ශ­ක­ව­රු මෙම අභ්‍යා­සයේ පුහු­ණු­ක­රු­වන් ලෙස කට­යුතු කළහ. මෙම පුහුණු වැඩ­ස­ට­හන සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රති­චාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැල­සීමේ ඒක­ක­යට (4RU) අනු­යුක්ත සාමා­ජි­ක­යින් ඇතු­ළුව යුද්ධ, ගුවන් සහ පොලි­සි­යට අනු­යුක්ත සාමා­ජි­ක­යින් මෙන්ම ස්වේච්ජා සංවි­ධාන සහ සිවිල් ජන­තාව සහ­භාගි වන ලදී.

ගංව­තුර තත්ව­ය­කදි දින කිහි­ප­යක් පුරා ගඟ හරහා ගමන් කිරීම, රබර් යාත්‍රා උප­යෝගි කර ගනි­මින් ක්ෂණික ජල පුහු­ණු‍ ­මෙ­හෙ­යුම්, ක්ෂණි­කව පැමිණි ජලය හරහා යාත්‍රා කිරීම, තනිව පිරි­සක් සමඟ යාත්‍රා කිරී­මේදී ආර­ක්‍ෂි­තව යාත්‍රා කිරීම, ලනු භාවි­තය, ක්ෂණික ජල කඳ­වුරු පැවැ­ත්වීම සහ රාත්‍රි පිහි­ණුම් ක්‍රම, ජලයේ ආප­දා­ව­කට ලක් වූ පුද්ග­ල­යෙකු බේරා ගැනීම සඳහා ජිවි­තා­ර­ක්‍ෂක පුද්ග­ල­යෙකු ජල­යට ඇතුළු වන්නේ කෙසේද යන්න පිළි­බ­ඳව මෙහිදී නිසි අයු­රින් පුහු­ණුව ලබා ගන්නා ලදී.

එසේම ක්‍රියා­ශීලි සහ ආර­ක්‍ෂක පිහි­ණුම් ක්‍රම මෙන්ම හදිසි ප්‍රති­චාර යාත්‍රා­වක් ජල­යේදී අන­තු­රට පත් වූව­හොත් එය නැවත ක්‍රියා­ත්මක කර ගන්නා ආකා­ර­යද සියලු දෙනා­ගේම ඇසට යොමු කරන ලදී. ජීවි­තා­ර­ක්ෂක උප­ක­රණ හැසි­ර­වීම වැනි කරුණු පිළි­බඳ න්‍යායා­ත්මක හා ප්‍රායෝ­ගික දැනු­මක් පුහු­ණු­ව­න්නන් හට ලබා ගැනීම මෙහිදි විශේ­ෂ­විය. මෙම ක්‍රියා­කා­ර­කම් පුහු­ණු­ව­න්නන් හට නැවුම් අත්දැ­කී­මක් වූ හෙයින් ඒ සඳහා පුහු­ණු­ව­න්නන් ඉතා උද්යෝ­ග­යෙන් හා ක්‍රියා­ශී­ලිව සහ­භාගි වන ලදි.

විශේ­ෂ­යෙන්ම මෙම පුහුණු වැඩ­ස­ට­හන අන්ත­ර්ජා­තික ප්‍රමි­ති­න්ව­ලට අනුව සිදු කිරීම අප ලද ජය­ග්‍ර­හ­ණ­යකි.

පාවෙන උප­ක­රණ, ආර­ක්ෂිත හිස්වැ­සුම්, තෙත් ඇඳුම්, තෙත් සපත්තු සහ වෙනත් නවීන උප­ක­ර­ණ­ව­ලින් යුක්ත ජීවි­තා­ර­ක්‍ෂක ඇදුම් කට්ට­ල­යක් භාවිතා කරන ලද අතර, එයද පුහු­ණු­ව­න්නන් හට අලුත් අත්දැ­කී­මක් විය.

ඉදි­රි­යේදි ඇති­විය ගංව­තුර ආපදා තත්ව­ය­කදි ජන­තාව ඊට මුහුණ දිය යුතු ආකා­රය පිළි­බඳ ප්‍රායෝ­ගික පුහු­ණු­වක් ලබා­දීම අර­මු­ණෙන් ග‍ඟේවා­ඩියේ ජල ගැල්මක් නිර්මා­ණය කළ බව නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් පියල් සිල්වා මහතා අපට පැව­සු­වේය. ඒ ජල ගැල්මෙන් ජන­තාව මුදා ගෙන ඔවුන් ආර­ක්ෂිත ස්ථාන කරා ගෙන යාම පිණිස මේ මෙහෙ­යු­මේදී කට­යුතු කරන ලදී. මෙම පුහු­ණු­වේදි නිර්මා­ණය කරන ලද නිවා­ස­යන්ද සාමාන්‍ය නිවාස මෙන්ම නිර්මා­ණය කළ ඒවා බව නාවික හමු­දා­ප­ති­ව­රයා කීවේය. තනි­ම­හල් නිවාස මෙන්ම දෙම­හල් නිවා­ස­යන්ද මේ ගම්මා­නයේ ස්ථාපිත කළ බවත් ආරක්ෂා ලෙසින් සිටි සියලු පිරිස් මෙන්ම අප­රි­ක්ෂා­කා­රීව සිටි අයද බේරා ගැනීම සඳහා මෙහෙ­යුම ක්‍රියා­ත්මක කරන ලදී. එහිදී ආස­න්නයේ සිටින පුද්ග­ලයා නොව ඉක්ම­නින්ම ආප­දා­වට ගොදු­රු­වන පුද්ග­ලයා සොයා බලා ඔහු පළ­මුව මුදා ගැනීමේ වැද­ග­ත්කම පෙන්වා දෙන ලදී. මෙම ක්‍රියා­කා­රී­ත්වය අනුව ඉදි­රි­යේදී මෙරට ඇති වන ඕනෑම ගංව­තු­ර­කදී මෙන්ම ස්වාභා­වික ආප­දා­ව­කදී ඒ සඳහා මුහුණ දීමට හැකි­යාව ලැබෙන බවද නාවික හමු­දා­ප­ති­ව­රයා කීය.

ඒ අනුව විශේෂ පුහු­ණුව ලත් නිල­ධා­රීන් ඉදිරි ස්වභා­වික විපත් සඳහා, විශේ­ෂ­යෙන්ම ජල­ගැ­ලීම් සඳහා යෙද­වීමේ හැකි­වන බවත් ඒ අනුව ආප­දා­වන් අවම කර ගැනීම මෙහි අර­මුණ බවත් ඒ මහතා කීවේය. මේ ලෙසින් ඉදි­රි­යේදී තවත් පුහුණු කිරීම් රැසක් දිව­යින් පුරා සිදු කරනු ලබන බවත් විශේ­ෂ­යෙන්ම නාවික හමු­දාවේ මැරීන් බළ­කාය දිය­ගොඩ දෙකෙ­හිම ඕනෑම කට­යු­ත්තක් සඳහා මීට වසර කිහි­ප­ය­කට පෙර පුහුණු කර ස්ථාපිත කිරීම නාවික හමු­දා­වට බෙහෙ­වින් වැද­ගත් වන බවද ඒ මහතා කීවේය.



from silumina sithmalyaya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();