Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාව ලකුණු 92කට දැවී යයි

නවසීලන්තය සමග ඊයේ හැමිල්ටන් හිදී පැවැති සිවුවැනි එක්දින තරගයෙන් සංචාරක ඉන්දීය පිලට කඩුලු 8ක පරාජයක් අත්විය.

කාසියේ වාසිය දිනාගත් සත්කාරක නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදෙමින් ඕවර 30.5කදී ඉනිම ලකුණු 92කට සීමා කළේය. ජයග්‍රාහී ඉලක්කය ඕවර 14.4කදී පසුකළ සත්කාරකයන්ට අහිමිවූයේ කඩුලු 2ක් පමණි. රොස් ටේලර් පන්දු 25කින් නොදැවී ලකුණු 37ක් සහ හෙන්රි නිකෝල්ස් ලකුණු 30ක් නවසීලන්ත ඉනිමට එක් කළහ. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ කඩුලු 8ක් ලකුණු 55ක් තුළ බිඳ වැටී තිබියදී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වු යුස්වේන්ද්‍ර චහාල් සහ කුල්දීප් යාදව් එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 25ක සබඳතාවක් ගොඩනගමින් මුළු ලකුණු සංඛ්‍යාව 80 දක්වා ඉදිරියට ගෙන ගියහ. චහාල් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 18කි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දීය පිතිකරුවන් 5 දෙනකු දවා ගත්තේ ලකුණු 21ක් පමණක් ලබාදෙමිනි. කොලින් ඩි ග්‍රැන්ඩෝම් කඩුලු 3ක් දවාළීය. ඉන්දියාව එක්දින තරගයකදී ලබාගත් 7 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තාවූ අතර නවසීලන්තය හමුවේ දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව විය. ඉන්දියාව මින් පෙර 2010 වසරේ දඹුල්ලේදී නවසීලන්තය හමුවේ ලකුණු 88කට දැවී ගොස් තිබිණි.

නිත්‍ය නායක විරාට් කෝලි විවේක ගැන්වූ මේ තරගයේදී ඉන්දිය පිලේ නායකයා ලෙස රෝහිත් ෂර්මා කටයුතු කළේය. කෙසේ වෙතත් මේ වනවිටත් තරග 3-1ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ඉන්දියාව සමත්ව සිටී.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();