Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට පුරා නිපුණයන්ට NVQ සහතිකයක්

දිවයින පුරා විසිරී සිටින නිපුණත්වයක් ඇති එහෙත් පිළිගත් සහතිකයක් නොමැති පිරිස් තෝරා ඔවුනට ජාතික ආධුනිකත්ව හා වෘත්තීය පුහුණු අධිකාරිය හෙවත් NAITA ආයතනය NVQ සහතිකය පිරි නැමීමේ ජාතික වැඩසටහන අරඹා ඇත.

වෘත්තියට අදාළව NVQ 3 මට්ටමේ සහතිකය අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් ලෙසටත් NVQ 4 මට්ටමේ සහතිකය අපොස උසස්පෙළ සමත් ලෙසටත් පිළිගැනීමට ලක් කර ඇත.

ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් NVQ සහතිකය මෙරට වෘත්තීය අධ්‍යාපනය තුළ දෙස් විදෙස් පිළිගන්නා ප්‍රමුඛ පෙළේ සහතිකයකි. මේ සහතිකය ලබා ගැනීමේ ක්‍රමවේද දෙකක් පවතින අතර, ඉන් එකක් වනුයේ NVQ සඳහා ප්‍රතීතනය ලත් වෘත්තීය අධ්‍යාපන ආයතනයක NVQ පාඨමාලාවක් හැදෑරීම හෝ RPL ක්‍රමය හෙවත් පෙර දැනුම ඇගයීමට ලක් කිරීම තුළින් ලබා ගැනීමයි. එම සහතිකය මෙරට ජනප්‍රියව ඇත්තේ NVQ RPL ක්‍රමය ලෙසින්ය. ඒ යටතේ RPL ක්‍රමය මඟින් ඇගයීම පවත්වා ඉන් සමත් වන්නන්හට NVQ 3 සහ 4 මට්ටමේ සහතිකය පිරිනමයි.

මේ සහතිකවල තිබෙන දෙස් විදෙස් පිළිගැනීම හේතුකොටගෙන මෙරට බොහෝ දෙනකු මේ ක්‍රමවේදය හරහා සහතිකයක් ලබා ගැනීමට උනන්දුව දක්වයි.

මේ ජාතික වැඩසටහන හඳුනාගත් NAITA ආයතනය NVQ සහතිකපත් ලබා දීමේ ජාතික වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට පවත්වන ලදී. මෙහි පළමු පියවර යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරු සඳහා NVQ සහතිකපත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

චන්දිමා කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();