Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණ ඇමැතිනිය සහ ජර්මන් තානාපති අතර හමුවක්

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Jorn Rode මහතා අතර හමුවක් පෙරේදා (28) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

එම නිල සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ හා අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ජර්මන් රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත් දෙරටෙහිම අධිකරණ පද්ධතියේ සංවර්ධනය සඳහා නීතිමය කරුණු හුවමාරු කිරීම පුහුණුවීම්වල වැදගත්කම පිළිබඳ තානාපතිවරයාගේ සහ අතුකෝරල මහත්මියගේ අවදානයට යොමු විය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සංවර්ධනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් නීතීමය කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙන්ම පුහුණු කිරීම්වල දී ජර්මානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බව ද ඇමැතිවරිය එහි දී සඳහන් කළාය. මෙරට විනිසුරුවරුන්ට අධිකරණ කාර්ය මණ්ඩලයට නීතිමය දැනුම අවබෝධය තව දුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ජර්මානු රජය එරට තුළ දී ලබා දෙන සහාය අගය කරන බවත් එම සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අැමැතිවරිය තානාපතිවරයා වෙත පැවැසුවාය.

මේ සාකච්ඡාවේ දී දෙරට අතර අධිකරණ කටයුතු, නීති ක්ෂේත්‍රයන්හි සහයෝගය තව දුරටත් වැඩි දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා විය. අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් පුහුණුවීම් දැනුවත් කිරීම් ඇතුළු අධිකරණ පද්ධතියේ අනෙකුත් සංවර්ධනයන් සඳහා ජර්මන් රජයේ සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවට තානාපතිවරයා එහි දී ඇමැතිවරිය වෙත පොරොන්දු විය.

මේ අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මහතා ද එක්විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();