Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මන්ත්‍රීවරු මුදලට ගැනීම: හඬපට විභාග කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශනය දැන්වූවා

මන්ත්‍රීවරු මුදලට ගැනීමට අදාළ හඬපට සම්බන්ධ පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කඩිනමින් විභාග කරන බවට එම කොමිසම දැනුම් දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා සහ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරිනී සශී ද මෙල් මහත්මිය පැවසුවාය.

ජනතාවට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ අවශ්‍යතාවය තිබෙන බව පැවසූ ශෂී ද මෙල් මහත්මිය මෙම හඬපටයට අදාළව තම ආයතනය ද අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දුන් බව ප්‍රකාශ කළාය. ඊට අදාළව කටඋත්තර ලබාදුන් බව පැවසූ ද‍ මෙල් මහත්මිය එම හඬ පටය පිළිබඳ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගෙන් කටඋත්තර කොමිෂන් සභාව ලබාගෙන තිබෙන බවත් පැවසුවාය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එම අදාළ පරීක්ෂණ විනිවිද භවකින් වේගවත්ව සිදුකරනු ඇතැයි තම ආයතනයේ අපේක්ෂාව බවත් එම මහත්මිය පැවසුවාය. මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔවුහු මේ බව පැවැසූහ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දී ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ඔබේසේකර මහතා සහ ද මෙල් මහත්මිය මේ බව පැවැසූහ. එම මහත්ම මහත්මීන් දෙපළ සහ වැඩසටහන් කළමනාකාරිණී මංගලා ශංකර් මහත්මිය එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කළහ.

වසර 2019 දී ඉහළ පෙළේ දූෂණ නඩු කිහිපයක තීන්දු ප්‍රකාශයට පත්වීමට නියමිතය. එහි දී බලධාරීන් අපක්ෂපාතීව විනිවිදබවකින් ක්‍රියා කළ යුතුය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශනයට අනුව ශ්‍රී ලංකාවේ පැහැදිලි ප්‍රගතියක් දක්නට නොමැත. වසර 2013 සිට මෙම තත්ත්වය දක්නට ලැබෙයි. නිසි කලට නිසි වේලාවට දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. රාජ්‍ය අංශයේ දූෂණය වටහා ගැනීම අතිශයින්ම වැදගත්ය. එහි දී බලධාරීන් අපක්ෂපාතීව ස්වාධීනව ක්‍රියාකිරීම අත්‍යාවශ්‍යයයි. රාජ්‍ය දූෂණය පිටුදැකීම බෙහෙවින්ම අත්‍යාවශ්‍ය කාරණාවකි.

කමනි අල්විස් සහ තරුෂි ජීවනා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();