සොබා පරිසරයට සහාය වීමේ අරමුණින් සිය හරිත ප්රයත්නයන් සඳහා ප්‍රජාව දැනුම්වත් කරමින් සහ සහභාගී කරගනිමින් LOLC වනරෝපණ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
‘LOLC හරිත' ලෙස නම් කෙරුණු සිය සමස්ත තිරසාර ව්‍යාපාරයේ කොටසක් ලෙස දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය තවත් ඉදිරි පියවරකට එළඹෙමින් ජනවාරි 01 වනදා සිට පාර්ලිමේන්තු පාර මධ්‍ය තීරුවේ මල් බඳුන් තැබීම, පැළ රෝපණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා මූල්‍යමය සහාය ලබාදීමට පියවර ගෙන තිබේ.
LOLC හරිත රුක්රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ පාසල් දරුවන් අතර ගස් සිටුවීමේ යහපුරුද්ද ප්‍රවර්ධනය කිරීම මෙන්ම, වන විනාශය සහ ශ්‍රී ලංකාවට බලපාන එහි ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමිනි. දැනටමත් ක්‍රියාත්මක කර ඇති මෙම පුළුල් වැඩසටහනේ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 300ක රුක්රෝපණය කෙරෙන අතර, එමඟින් පරිසරයේ දූෂක වායු අවශෝෂණය කරගැනීමට සහාය වනවා පමණක් නොව පාරිභෝජනය සඳහා ඵල නෙළාගැනීමටද හැකිවේ.
LOLC හරිත රුක්රෝපණ ව්‍යාපෘතියේ ප්‍රධානී, LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී මොහාන් තිලකවර්ධන මහතා, "මෙරට ප්‍රමුඛතම සහ වඩාත් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් ලෙස, සොබාදහමට වඩා සම්බන්ධ වී කටයුතු කිරීම අපේ වගකීමක් ලෙස විශ්වාස කරමු. අපේ ප්‍රජාවන් අවට සිදු වීම් පිළිබඳ වඩාත් උනන්දුවකින් කටයුතු කළ යුතු අතර, වායු දූෂණයෙන් පරිසරයට සිදු වන අහිතකර බලපෑම වටහාගැනීම අවශ්‍යතාවකි. අපගේ නැවත වන වගා වැඩසටහන මඟින් වියළි පස පුනර්ජීවනය සහ සැලකිය යුතු ඔක්සිජන් සැපයුමක් ඇති කිරීම පමණක් නොව, ඔවුන්ගේ පරිසරය ප්‍රතිස්ථාපනය කිරීමෙන්, ප්‍රජාවන් සහ කලාපවලටද ප්රතිලාභ සැලසෙනු ඇත. මේ සියල්ල LOLC සමූහය සෑම දිනකම සැලසුම් කරන තිරසර අනාගතයේ කොටසකි "
from silumina
0 Comments