Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හේලීස් සහ වැලිබල් රන් සම්මාන ඇතුළුව සම්මාන 18ක් දිනයි

26 ජනවාරි, 2019

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ සංගමය මගින් පවත්වනු ලැබූ 54 වන වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී හේලීස් සහ වැලිබල් සමුහ ව්‍යාපාර සම්මාන 18 ක් ලබා ගනිමින් කැපී පෙනෙන විශිෂ්ටත්වයක් දැක්වීමට සමත් වී ඇත. මෙහිදී හේලීස් සමුහය විසින් සිරිල් ගාඩිනර් අනුස්මරණ ශූරතාවය සමගින් රන් සම්මාන 10ක් ලබා ගනිමින් මූල්‍ය වාර්තාකරණයේ සමස්ත ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයකි.

‘‘පසුගිය වසර 140 පුරාම හේලීස් ඉතිහාසය දෙස බැලීමේදී අප විසින් කරන ලද සෑම ක්‍රියාවක්ම අපගේ අඛණ්ඩ දියුණුවට සහ විශිෂ්ටත්වයට හේතු වී තියෙනවා. වගවීම සහ යහ පාලන පිළිවෙත් පිලිබඳ අපගේ කැපවීම අපගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවයි.

හේලීස් සමූහයේ සහ එහි අනුබද්ධිත සමාගම් හී කැපී පෙනෙන කාර්යසාධනය සඳහා සියලූ අංගයන් පිළිබඳ ඒකාබද්ධ අධීක්ෂණය, පාරදෘශ්‍ය භාවය සහ නිරවද්‍ය වාර්තා කිරීම අතිශය වැදගත් වී තිබේ. එසේම මෙම වසරේ අප ලැබූ ජයග්‍රහණ එකී වටිනාකම් සඳහා අප කල කැපවීම් වලට සාක්ෂි ලෙස දක්වන්න පුළුවන්.”යැයි හේලීස් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා පවසයි.

-----------------

මයිලෝ වෙතින් ළමයින් 1,000කට  මවුන්ටන් බයිසිකල්

නීරෝගීමත් අනාගත පරපුරක් බිහිකිරීමෙහිලා මයිලෝ අරමුණින්, යළිත් වරක් ළමුන් 1,000කට මවුන්ටන් බයිසිකල් ලබාදෙමින් ‘මවුන්ටන් බයිසිකල් 1,000ක්’ දිනාගැනීමේ මයිලෝ ප්‍රවර්ධන වැඩසටහනේ සමාප්තිය සැමරීම සඳහා පැවැත්වු මයිලෝ මවුන්ටන් බයිසිකල් සවාරියට සහභාගී වීමේ වරම් ජයග්‍රාහී ළමුන්ටත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටත් පසුගියදා උදාවිය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති සූරන කාඩ්පත් දිනුම් ඇදීමකින් මෙම ජයග්‍රාහකයින් තෝරාගනු ලැබිණි. ඒ අනුව බයිසිකල් සවාරිය 2019 ජනවාරි 12 ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණ පරිශ්‍රයෙන් ආරම්භ විය. සවාරියට එක්වන්නන් කොළඹ නගරය හරහා පාපැදි ධාවනය කරමින් නැවතත් ආරම්භක ස්ථානයේදී සවාරිය නිමකළහ. ඊට සමගාමීව විනෝද අවස්ථා රැසක් සමඟ දැවැන්ත සැණකෙළියක් පැවැත්වුණි. සෞඛ්‍යමත් ආහාර පුරුදු හා ක්‍රියාශීලී ජීවන රටාවක වැදගත්කම වටහාගැනීමට මෙන්ම තම පවුලේ සාමාජිකයන් සමඟ බැඳීම් වර්ධනය කරගැනීමට දරුවන්ට එහිදී කදිම අවස්ථාවක් උදාවිය.

බයිසිකල් සවාරියට සමගාමීව දරුවන් මෙන්ම මව්වරුන් සඳහා උදෑසන ආහාරයේ ඇති වැදගත්කම පහදාදෙමින් රසයෙන් මෙන්ම ගුණයෙන් යුතු උදෑසන ආහාරයක් දිනපතා ලබාගැනීමට ඔවුන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි. එහිදී අවසානයේ රසගුණ පිරි උදෑසන ආහාරයක් ලබාගැනීමේ අරමුණ වෙනුවෙන් ප්‍රතිඥා ලබාගැනීමක් ද සිදුවිය. ඊට අමතරව විවිධ විනෝද ක්‍රියාකාරකම්, ඉදිරිපත් කිරීම්, සංගීතය, ආහාරපාන සහ මයිලෝ පානය සමඟින් ද වැඩසටහන වර්ණවත් වී තිබුණි.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();